Tuesday, April 10, 2018

හොකී- ෆැකල්ටි කාලේ

ෆැකල්ට් ආ ගමන් ෆයිනල් අක්කෙක් මාව හොකී ගහන්නට ගෙනියන්න ෆුල් ට්‍රයි එකක් දුන්නාය.ඒත්  මොකද්දෝ කම්මැලි කමකින් කට්ටි පැන පැන හිඳ අන්තිමේදී යුනිවර්සිටි ටීම් එකට සෙල්ලං කරන්න යන්නේ තර්ඩ් ඉයර් ඉඳිඳ්දී ය.

සුපුරුදු කම්මැලි කමට ගෝල් කීපින් කරන්න හිතුවත් අමිලා මිස්ට ඕනෑ මා ලව්වා ෆෝවර්ඩ් එකක් ගස්සන්න ට ය.ෆෝවර්ඩ් සෙල්ලම් කිරිල්ල සෑහෙන ස්පීඩ් වැඩක් ය.අහිංසක මම ඊට වඩා හැතැම්ම දෙකක් විතර ස්ලෝ ය.අපේ චතූගේ වචනවලින් කියනවානං මට කලින් බෝලේ යන්න ගිහින් ය.

වෙනූ ජීවිතේට හොකී ගසා නැත.ඒත් අන්තිමේදී මට පාලු කපන්නට ආ වෙනූ ටීම් එකට නැතුවම බැරි  අනිත් ටීම්වලට පෙන්නන්නට බැරි ෆෝවර්ඩ් එකක් වෙලා අහවර ය.

මුලින් ම ඉන්ටර් යුනිවසිටි  ටූනමන්ට් එකක් ගහන්න  තියෙන්නේ කැලනියේ ය.මැච් එකට දවස් දෙකක් තියා කැප්ටන් අක්කා දැකගන්නට වාසනාව ලැබෙනවාය.ඉස්කෝලේ කාලේ වගේ නෙවෙයි ය.යුනිවර්සිටි ටීම් එකේ ඉන්නේ ෆැකල්ටි හත අටක කෙල්ලන් ය.මේ ඔක්කොම එක තැනකට අරන් ප්‍රැක්ටිස් කරනවා ට වඩා ලාහට ගෙම්බන් අල්ලන එක ඉතාමත් ලේ සිය.ඇකඩමික් උදවියට හොකී ගැහිල්ල වැඩක් නැත.එක්සෑම් ,ප්‍රැක්ටිකල්,ක්ලිනිකල් කට් කරගෙන හොකී ගහන්න එනවාට ටීම් එකේ උන්ට සම්මාන දෙන්නම වටිනවා ය.

ඒ ටූනමන්ට් එක ගියේ කිසි බරක් පතලක් නැතුව ට්‍රිප් එකක් ගිය ගානට ය.බරපතල කම තේරුනේ පලවෙනිම මැච් එක පටන් ගත්තාමය.තනි තනියෙන් ගත්තාම කොච්චර දස්ස වුනත් අපේ උදවියට ප්‍රැක්ටිස් නෑ ය.දිගට හරහට පරා දය.
එලියේ වෝටර්ගර්ල් සහ චියරින් ස්කොඩ් එකට පණ පොවමින් හිටි මට සෙල්ලම් කරන්නට ලැබෙන්නේ කැප්ටන් අක්කාගේ කටට බෝල පාරක් වැදුනා ම ය.අක්කා සෙල්ලම් කරන්නේ පසුපස  ඩිෆෙන්ස් එකකි.මගේ පුරුද්දට මම ඉස්සරහටම ගෙහුන් බලද්දී මගෙන් අතෑරුන ඇසිල්ලේ අනිත් ටීම් එක ගෝල් එකක් ගහලා ය.අපේ නිල නොලත් උනන්දුවා  මිහිරි අක්කා දනිසුත් ලෙලි යවා ගෙන බිම වැටී හුන් හැටි හොකී ඉතිහාසයේ මට දරාගන්නට අමාරුම මතකයක් ය.

මම හිතන්නේ අපි නැගිටින්න හිතා ගත්තේ එදා ය.එදායින් පස්සෙන් පහු දින්නත් නැතත් ටීම් එකම එකෙක් වගේ ඉන්න එක අත ඇරුනේ නැත.

ඉතින් එකා දෙන්නා අපිට එකතු වුණු හොකී පවුලේ සාමාජිකාවෝ බොහෝමය.

මිහිරි අක්කා අපේ නඩේ ගුරා ය.මිහිරි අක්කාට මාත් බයයි නම් අනිත් අය ගැන හිතා ගන්නට පුලුවන් ය.බය වෙන්නට ඇති නපුරු කමකුත් නෑය.
බයටත් වඩා මගේ හිතේ අක්කාට අපේ හිත්වල තිබුනේ ගෞරවය මුසු වුනු ලෙන්ගතු කමක් ය.
"නංගි ,අද ප්‍රැක්ටිස් එනවනේ?" කියා දුරබනුවේ අනිත් පැත්තෙන් ඇහුනාම යන්න බෑම හිතුනත් ප්‍රැක්ටිස් යන්නේ  ඒක ය.
මිහිරි අක්කාගේ දකුණත සඳුනි අක්කා ය.හොකී ග්‍රවුන්ඩ් එකේ මල් හටගත් සුන්දරම ප්‍රේම කතාවක හිමි කාරිය වූයේ සහෝදර කණ්ඩායමේ ගෝල් කීපර් ගේ හදවත මුන්දෑගෙන් බේරා ගන්නට බැරි වී ම නිසා ය..

ගිහානි,මගේ අයිස් කැප්ටන් නොහොත් වයිස් කැප්ටන් ය.මම වල්ගය ගිනි තියාගෙන දඟලන කොයි වෙලාවෙත් ගිනි නිවන හමුදාවේ කාරිය අතට ගත් හිනාවක් නැති වෙලාවක් නැති කැප්ටන් කූල් ය.

තක්ශි, කොච්චර හදිසියක දී වුනත් සුපුරුදු ස්පීඩ් එකෙන්ම පෙරලෙන අපේ  බෝල ගෙඩිය ය.එහෙම වුනත් තක්ශි පහු කර බෝලය ගෙනියන්න හිතන කොයි කාටත් වැඩ වරදින වාය

චතූ අපේ අනිත් මිස් කූල් ය.මිහිරි අක්කා  ගේ අඩුව පුරවන්නට අපිට ලැබුණු කදිම සම්පතක් ය.කලු කියන්නේ ලස්සන පාටක් දැයි අහන ඕනෑ කෙනෙක් ට මම බය නැතුව පෙන්නන්නේ චතූ ය.(දැන් හැංගෙන්නට තැනක් හොයා ගන්නට ඕනෑය)

අමානි,පියුමි,නයනි,රුවනි,තනුජා,දිලිනි මේ ඊළඟ ඉන්ටර්යුනිවසිටි අපේ ෆිට් එක ය.මතක හැටියට තිබ්බේ කැලනියේ ය.අපිට නවාතැන් ලැබුනේ කැලනියේ හොස්ටල් වලය.අනිත් ටීම්වල දරුවන් පිජාමා ඇඳගෙන  බෝනිකි බබාලා වාගේ සීරුවෙන්  පා තබද්දී කොට කලිසම් ඇඳගත් අපේ රස්ත සෙට් එක හිටි හැටි තාමත් මත කය.

අපේ ගෝල් කීපර් හෙවත් අන්ජා-තවත් අලුත් සොයා ගැනීමකි.වෙනූ මෙන්ම ජීවිතේට හොකී පිත්තක් දිහා නොබැලූ අන්ජා බොහෝ දෙනෙක් පැත්තවත් නොබලන ගෝල් කීපින් කිට් එකත් එක්ක ආදරෙන් බැඳෙනවා ය.අපිට ඉස්තරම් ගෝල් කීපර් කෙනෙක් ලැබෙන්නේ අන්න එහෙම ය.

ඕපනින් සෙරමනි එකට සාරි ඇඳ බ්ලේසර් දාන්න ඕනෑ ය.සාරි අඳින්න දන්නේ ටීම් එකෙන් ම තුන් දෙනාය.උන් තුන් දෙනා ඇඳගෙන අනිත් එවුන් ටත් අන්දාගෙන ඕපනින් සෙරමනියට ගිහින් සෑහෙන වෙලාවක් ගියත් කලිසමයි කමිසෙයි ඇඳන් කොන්ඩා ජෙල් කරන් එන්නට ගිය කොලු ගැටවු ටික නොපැමිනි නිසාත් අපේ බ්ලේසර් පරිස්සම් කරන්නට උන්ට දුන් නිසාත් ඕපනින් සෙරමනියේ භාගයක් යන්නට වුනේ බ්ලේසර් නැතුව ය.

එදා පාර දිනුවේ අපිය.කෙල්ලනුත් එකය කොල්ලනුත් එකය.සතුටේ කෙළවරක් නැති ය.එදායින් පටන් ගත් ගැම්මට
තවත් අවුරුදු ගානක් එක වෙන්න අපිට පුලුවන් වෙනවා ය.

මිහිරි අක්කා අපෙන් වෙන් වී යද්දී නිශා, දිලක්ශි,මහේශිකා තුන් කට්ටුව අපිට එකතු වෙනවාය.හොකී හක්කේ තියලා සෙම ඇරිය ට්‍රිබලක් වුනත්  කැම්පස් එකට ෆ්‍රෙශාලා නිසා අපි වැටෙන්නේ හරි අකරතැබ්බයකට ය.හැමදාම ප්‍රැක්ටිස් දවසට පැය භාගයක් යන්නෙ මුන් තුන්දෙනාට ප්‍රැක්ටිස් ඒම නිසා සින්නන්ගෙන් වෙන අවනඩු බේරන්නට ය.

පනා අපිට ලැබෙන තවත් වටිනා කියන ම සම්පතක් ය.අන්ජාගේ අඩි පාරේ යමින් ගෝල් කීපර් පෑඩ් ලාගත් පනා බය අඳුරන්නේ නැත.කුරා කූඹියෙකුටත් කරදරයක් නැතත් ඒ ඇඳුම ඇඳගත්තා ම අඳුරන්නේ නැති වුන් පනාට බය නොවී නවතින්නේ ද නැත.

දුලා ෆැකල්ටි එද්දිත් හොකී ගසා කකුල ඩැමේජ් ය.ගෙදරට හොරෙන් ප්‍රැක්ටිස් එන්නට දුලා ඇප කැප වෙන්නට හේතුව සහෝදර කණ්ඩායමේ බලපෑමක් දැයි අදටත් මට ගැටලුවකි.
මැච් එක මැද්දේ සාය  කඩා වැටුනත්  ප්‍රතිවාදීන් ට ගෝලයක්  නොදෙන්නට වග බලා ගෙන පසුව සාය සෙවූ මෙවන් වීර කාන්තාවන් හොකී ඉතිහාසයේ විරල වෙන්නට ඇත.

බුද්ධි අපේ  කණ්ඩායමේ  සයිලන්ට්ම සාමාජිකාවක් ය.හැබැයි තද වුනොත් ප්‍රතිඵල දරුණු බව හොඳින්ම දන්නේ බුද්ධිගෙන ගුටි කෑ අපේ සර් ය.

සහෝදර කණ්ඩායම ,උන් ඇත්තටම අපේම සහෝදරයෝ ය.ඉඳලා හිටලා බෝලයකට රණ්ඩු කර ගත්තත් හැමදාමත් අපේ දිනුම පිටුපස්සෙන් හිතගත්තේ උන් ය.
කොටා,සම්පත් අයියා,කෞශාල් අයියා,බංකු,ඇම්ඩා,සුරයා,ගැටයා, ලහිරු  ඇතුලු සහෝදර කණ්ඩායම හොකී කම්මැලි නොවන්නට ලොකුම හේතුවක් ය.
කැම්පස් අවුට් වෙනකනුත් බේරාගත් මගේ ඔලු ගෙඩිය පලන්නට අසාර්ථක වෑයමක් ගත් අජ්ජා වත් පොඩි නික්ස් වත්(ඔලු පැලිල්ලට උගේ දායකත්වයක් නැත.ඒත් ඌ අහිංසක නැත).තව ඩිංගෙන් අමතක වෙනවාය.

මේ ඔක්කොම පිටිපස්සෙන් හිටියේ ගොඩිගමුව සරුත් අමිලා මිසුත් ය.අම්මෙක් තාත්තෙක්,අක්කෙක් අයියෙක් වගේ ම ළඟ හිඳිමින් පස්සෙන් පන්නමින් ,සැර කරමින්,අප වෙනුවෙන් වලියට යමින් ගේ දොර වැඩ කැප කරගෙන අප කැටුව යමින් උන්නේ මේ දෙන්නා ය.

ෆැකල්ටි හොකී සුන්දරම වෙන්නේ මේ හැමෝම එක් වුන හින්දා ය.

No comments:

Post a Comment