Wednesday, August 7, 2013

Changing

කාලෙකින්  ෆැකල්ටි එක පැත්තෙ රවුමක් ගැහුවා. මම Internඑක පේරාදෙනියෙ කරන්න හිතා ගත්ත එක හේතුවක් තමයි ෆැකල්ටි එක අල්ලපු වත්තෙ තියෙන එක. ඒත් දැන් ෆැකල්ටි යැවෙන්නෙ හාවා හඳ දකින්න වගේ.ෆැකල්ටි එක වටේටම අලුත් මූනු. අලුත් අයිතිකාරයො අස්සේ නාකි මට හැප්පෙන්න බැහැ කියල හිතෙනවා.කැන්ටිමට යන පාරේ තිබ්බ ලොකු ගහ කපපු දවසෙ මම හිතා ගත්තා උවමනාවකට මිසක් ආයෙ ෆැකල්ටි එක පැත්තෙ යන්නෙ නැහැ කියල.බිල්ඩින් හැදෙන්න ඕනෙ තමයි. ඒත් අවුරුදු ගානක් තිස්සෙ මුලු පළාතක් හොල්ලගෙන හිතපු රූස්ස ගහක් කපන්නෙ නැතුව ඒක කරන්න විදිහක් තිබුනෙම නැද්ද කියල හිතෙනවා.හ්ම්ම්
වෙනස් නොවී තියෙන දේවල්  වලින් එකක් තමයි,  Anterior බූක් ශොප් එක.ෆොටෝ කොපි ගහන ගෑණු ලමයි කාලෙන් කාලෙට මූනු මාරු කළාට, ලලිතා අක්ක හැමදාමත් පරණ පුරුදු විදිහමයි.ඉතින් පරණ කාලෙ මතක් වෙලා පාලු හිතුනම මම දැන්  ලලිතා අක්කව බලන්න යනවා. ෆැකල්ටි එක දැන් ඉස්සර වගේ නෙවේ  කියල අක්ක කියනවා හිනා වෙවි අහගෙන ඉඳලා එනවා. හැමදෙයක්ම, (මම පවා) වෙනස් වෙදිදී ෆැකල්ටි එක විතරක් එකම විදිහට ඉඳියි කියලා බලාපොරොත්තු වෙන එකත් අසාධාරණද මන්දා.ඒත් මම දන්න පේරාදෙනිය, කොල පාට background එකක, හිනා පිරිච්ච, එකෙක් වැටුනම අත දෙන්න දහ පහළොස් දෙනෙක් නොවරදින ලස්සන තැනක්. මොනවා වෙනස් වුනත් ඒ දේවල් එහෙම්මම ඉතුරු වෙනවනම් තව අවුරුදු ගානකින් ආයෙත් මේ පැත්තෙ ආවොත් මට පේරාදෙනියෙ පුරුදු සුවඳ ඉතුරු වෙලා තියේවි  .