Saturday, July 8, 2017

ම න මේ

දිසාපාමොක් ඇඳුරුතුමා මනමේ කුමරයාට තමන්ගේ දුව පාවාදෙන්නේ එතුමාගේ හොඳම ගෝලයා වෙච්ච නිසා.කුමාරිත් මනමේ කුමාරයට කැමත්තෙන් හිටියද නැත්නම් කුමාරිගේ හිත ගත්තු වෙන කවුරුත් හිටියද කියලා දන්නේ නෑ. අවුරුදු ගානක් ජීවත් වුන තැන දාල මනමේ කුමාරයගේ රටට යන්න කැමතිද කියලා ඇහුවාද දන්නෙත් නැහැ.(දැන් වගේ හයිවේ,ප්ලේන්,ට්‍රේන් තියා මොටෝ බයිසිකලයක්වත් නැති කාලෙනේ ඒ).කොහොමින් කොහොම හරි තාත්තා හොයා දීපු මනුස්සයත් එක්ක සින්දු කිය කියා විනෝදෙන් එන කොටනෙ වැදි නඩේකට මුන ගැහෙන්නේ.
වැද්දො කැලෑවෙ ජීවත් වුන එක හරි.කවුරුහරි වැදි ජනතාවගේ ජීවිතවලට තර්ජනය කරන විදිහෙ කෙනෙක් ආවනම් ෆයර් වෙන එකත් කමක් නෑ.ඒත් මේ අලුත බැඳලා ගමේ යන ජෝඩුවක් එක්ක ඔට්ටු වෙන්න වැද්දන්ට වටින්නෙ නැහැනේ.වැදි  රජ්ජුරුවෝ නෙමේ බැරක්  ඔබාමා වුනත් ලස්සන වුනු පලියට වෙන කාගෙවත් ගෑනු ඕනෙ කියල සටනට යන්න ඕනෙත් නැහැනේ.මනමේ කුමාරයත් ඉතින් කුමාරයෙක්නේ,කාටවත් සෙකන්ඩ්    වෙලා පුරුදු නැතුව ඇති.නැත්නම් වැද්දො  ටික අවුස්ස ගන්නෙ නැතුව පොඩ්ඩක් යාප්පු වෙලා ශේප් වෙලා යන්නත් තිබුනා.ඒත් ඉතින් කතාවෙ එහෙම වෙන්නෙ නැහැනේ.අන්තිමට කුමාරි කඩුව දීල හරි නොදී හරි කුමාරයාගේ කඩුවෙන් කුමාරයාම පරලොව යනවා.කුමාරිගේ අයිති කාරයා ආයෙත් මාරු වෙනවා.මහ කැලයක් මැද්දේ කුමාරි වැදි රන්චුවක් එක්ක තනි වෙනවා.ඔතනදි තෝ මගේ මිනිහව මරා ගත්තා.මට තෝ දෑහැට පේන්න බෑ කියලා කුමාරි කුමාරයාගේ කඩුවෙන්ම පපුවට ඇනගෙන මළානම්,එහෙම නැත්නම් වඩාත් හොඳයි වියෝ දුක දරා ගන්න බැරුව කුමාරි පපුව පැලිල මලානම් එතකොට කුමරි ශ්‍රේෂ්ට වීර කාන්තා චරිතයක් වෙනවා.ඒත් කතාවෙ එහෙම වෙන්නෙ නැහැනෙ.
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා වගේ කුමරිය වැදි රජ සරන පතාගෙන තමන් හිතමතාමයි කඩුව වැද්දට දුන්නේ කියනවා.මටනම් හිතෙන්නේ ඒක ජීවිතේ බේර ගන්න ගහන ගැටයක්.නැත්නම් රජකම ලැබෙන්න ඉන්න කුමාරයෙක් වෙනුවට වැද්දෙක්ට කැමති වෙයිද? කතාවෙනම් කියන්නේ වැදි රජ්ජූරුවන්ගේ හැඩි දැඩි සරීරෙටයි කුමාරි කැමති වුනේ කියලා.ඒත් ඉතින් දිසාපාමොක්ගේ හොඳම ගෝලයා වුනානම් මනමේ කුමාරයත්  කඩවසම් කොලු ගැටයෙක් වෙන්න එපායැ ඒ කොහොම වුනත් මේ කතාව අහපු වැදි රජාට මෙන්න  ඊලඟ මොහොතේ මනමේ කුමාරිව එපා වෙනවා. බලෙන් අයිති කරගත්තම තියෙන ගතිය කුමරිගේ කැමත්ත ලැබුනම අහෝසි වුනාද එහෙමත් නැත්නම් කුමාරිගෙන් උදවු අරන් සටන දින්න එක තමන්ගෙ ප්‍රතිරූපෙට හරි නැති හන්දද මන්දා.
කොහොමින් කොහොම හරි එයාට කුමාරි ඕනෙ වුනා.එයාටම කුමාරි එපා වුනා.
ඒත් කට්ටිය කියන්නේ "ගැහැනු චපල බව ඔහෙල දන්නවා දැන්.කිව්වට අප්සෙට් ගන්නෙපා you know"
අම්මපා මටත් හිතෙන දේවල්

1 comment:

  1. මනමේ කුමරියේ
    සැබෑ වැද්දා ඔහුය
    ස්නේහයේ නාමයෙන්
    පුදා ලේ මස් නහර
    ජීවිතය දෙවෙනි කොට සුරැකි
    ප්‍රේමයට අරුතක් නොදුන්
    වැද්දා ඔහුය
    මුදු මොලොක් පෙති තලා
    රොන් පැහැර මිලින කල
    මලක් දැක කම්පිතව
    වැදි වෙසින් ඔහු නැසූ
    සිතෙහි පතුලේ උපන් මම නොවේ
    සැබෑ වැද්දා ඔහුය.♥️♥️♥️♥️








    ReplyDelete