Wednesday, August 7, 2013

Changing

කාලෙකින්  ෆැකල්ටි එක පැත්තෙ රවුමක් ගැහුවා. මම Internඑක පේරාදෙනියෙ කරන්න හිතා ගත්ත එක හේතුවක් තමයි ෆැකල්ටි එක අල්ලපු වත්තෙ තියෙන එක. ඒත් දැන් ෆැකල්ටි යැවෙන්නෙ හාවා හඳ දකින්න වගේ.ෆැකල්ටි එක වටේටම අලුත් මූනු. අලුත් අයිතිකාරයො අස්සේ නාකි මට හැප්පෙන්න බැහැ කියල හිතෙනවා.කැන්ටිමට යන පාරේ තිබ්බ ලොකු ගහ කපපු දවසෙ මම හිතා ගත්තා උවමනාවකට මිසක් ආයෙ ෆැකල්ටි එක පැත්තෙ යන්නෙ නැහැ කියල.බිල්ඩින් හැදෙන්න ඕනෙ තමයි. ඒත් අවුරුදු ගානක් තිස්සෙ මුලු පළාතක් හොල්ලගෙන හිතපු රූස්ස ගහක් කපන්නෙ නැතුව ඒක කරන්න විදිහක් තිබුනෙම නැද්ද කියල හිතෙනවා.හ්ම්ම්
වෙනස් නොවී තියෙන දේවල්  වලින් එකක් තමයි,  Anterior බූක් ශොප් එක.ෆොටෝ කොපි ගහන ගෑණු ලමයි කාලෙන් කාලෙට මූනු මාරු කළාට, ලලිතා අක්ක හැමදාමත් පරණ පුරුදු විදිහමයි.ඉතින් පරණ කාලෙ මතක් වෙලා පාලු හිතුනම මම දැන්  ලලිතා අක්කව බලන්න යනවා. ෆැකල්ටි එක දැන් ඉස්සර වගේ නෙවේ  කියල අක්ක කියනවා හිනා වෙවි අහගෙන ඉඳලා එනවා. හැමදෙයක්ම, (මම පවා) වෙනස් වෙදිදී ෆැකල්ටි එක විතරක් එකම විදිහට ඉඳියි කියලා බලාපොරොත්තු වෙන එකත් අසාධාරණද මන්දා.ඒත් මම දන්න පේරාදෙනිය, කොල පාට background එකක, හිනා පිරිච්ච, එකෙක් වැටුනම අත දෙන්න දහ පහළොස් දෙනෙක් නොවරදින ලස්සන තැනක්. මොනවා වෙනස් වුනත් ඒ දේවල් එහෙම්මම ඉතුරු වෙනවනම් තව අවුරුදු ගානකින් ආයෙත් මේ පැත්තෙ ආවොත් මට පේරාදෙනියෙ පුරුදු සුවඳ ඉතුරු වෙලා තියේවි  .

Tuesday, July 16, 2013

Heaven on Earth

Fingers entwined as was their destiny
Hearts beating  in unison, beating to the rhythm  of love
Lost forever in your soul melting gaze
I am finally home  dearest
In your arms
Heaven  has reached  My earth 

Monday, July 8, 2013

Everything and a Little bit more

I look in to those eyes and the world stops spinning.
Our fingers get entangled just like our souls, so comfortably as if that is what they have been doing for many life times
I loose myself in your eyes, in your voice , in your touch and the rest of the world just fades away leaving only us wrapped in a cloud of happiness .
My feet glide over the earth and  my heart is soaring up above the clear blue sky.
There is nothing that matters but us and suddenly I am  lost without words to describe this happiness that keeps on brimming the shores of my heart.
Life is perfect
Simple little things make  my day
Like the way you laugh, the way you look at me ,the way you embrace me protectively and the  smile on you face when........and so on and on.
Time halts when you are away, and fly faster than light when you are by my side  
What did I do to deserve this happiness?
There is one wish, only one.
Let me keep that light in your eyes and that smile on your face forever and ever

Saturday, June 15, 2013

Why It is Not Enough?


Because every time I hear his voice, I want goose bumps on my neck,

Every time he holds my hand in his, I should  feel as if he is holding not only my hand, but my his whole life,protected  from  the whole wide world out there.

Every time when the world let me downs, because I don’t belong  in the normal group I want his word to soothe off my pain, to tell me it is not a crime to be different, that I am OK in my nutty way.

Every time I get this crazy urges to dance in the rain, lie down  on my roof and gaze at the moon, or completely lose myself in the midst of a sea of evergreen trees I want someone who will not just join me CZ he has to, but becoz he enjoys  the crazy stuff as much as I do.

Every time , he looks at me I want to see through his eyes what my dad sees, his own little princess( though I can be categorised nowhere near small nor a princess)

Because every time even when I think of him, time should stop momentarily, the world stop spinning and I would be flying without wings.

Because more than anything  every time I see him, it should be like the very first day, even when I am in my seventies and he is down in a wheel chair, I still should be able to fall in love with him all over again, because we were destined to be together, it was written in the stars, way before  this question even thought of appearing in my life

Thursday, May 23, 2013

මනාලිය



වසා උවනත ළප කැළැල්
රෝස පැහැ ගන්වා දෙකොපුල්
මවා නිල් පැහැයට හීනි දිගැස්
පින්තාරු කර දුන් මනාලිය
නුඹ
ජය මඟුල් ගී හඬ මැද
පිපෙයි මඳහස් නෙතු අඟ
සායම් බිඳකුත් නැතත්
නුඹයි සිත්තම මා වසඟ කළ
සදහටම

Wednesday, May 15, 2013

Dreams

දඩි බිඩි දඩි බිඩි
ගෙදර ඉන්න කාලෙ 
හැමදාම උදේට අම්මා පිටි කොටන සද්දෙට කලවම් වෙලා තමයි මගේ හීන ඇස් අරින්නෙ.
ඒත් මේ වෙලාවෙ?
මම අඟල් දෙක තුනක් ඈත් වෙලා බලනවා
එතකොටයි මට තේරෙන්නෙ
පිටි කොටන්නෙ මගෙ පපුව ඇතුලෙ කියලා
"ඇයි ?"
එහෙම අහන්නෙ ඔයාගෙ ඇස්
" ඔයා හොඳින් ද? "
ඒ ඔයාගෙ හිත.
කියන්න දේවල් කොච්චරද කියනවනම් ඒව එක්කහු වෙලා වෙලා මගේ හිතේ දොර ජනෙල් ඔක්කොම හිර වෙලා.
"මුකුත් නෑ"
පිපිරෙන්න මාන බලන ගිනි කන්දක් උඩ පිපිච්ච මලක් වගේ මගේ හිතට උඩින් මගේ ඇස් හිනා වෙනවා.
පිපෙන්න වතුර වක්කරපු අත් ගිනි රස්නෙට කිට්ටු කරන්නෙ මොන එහෙකටද?
"මුකුත් නෑ"
මගේ ඇස් ඒ බොරුව ඇත්ත කරද්දි අඟල් දෙක තුනේ පරතරේ ආයෙමත් අඩු වෙනවා.
මම පිපිරෙන ගිනි කන්දට උඩින් පැලැස්තරයක් අලවලා ඔය පපුවෙ දඩි බිඩි සද්දෙත් එක්ක
එළි නොවෙන හීනෙක පාට ගානවා

Wednesday, March 13, 2013

Rain Rain

Well,obviously I belong to the second group.Found this caption in the FB. Really  I don't understand why rain fascinates me.But it does.May it be a slight drizzle accompanied by a   lovely rainbow or a heavy out burst of gods outrage with the back ground of ear splitting thundering,I can't stop loving it.I love the drops of sky swooping down in slender threads, down down down and finally kiss the parched earth tenderly blending with it as long lost lovers.I love the smell of damp earth and the pitter patter as the drops dance on the fallen leaves.It is pure music , rain drops on the roof, on the window pane and everywhere: slow and enchanting, jumping into a quick beat all of a sudden and again drifting off to a lazy soothing tempo.
    But to feel the rain best,you have to be part of it like in all other things.That is why we couldn't resist jumping into the rain when we were kids.Deaf ears turned to all adult concerns of catching colds,fever and so forth, we danced in the rain, and those were magical memories.Sadly, now that I am older, even if I walk without an umbrella in a slight drizzle I get stared at by at least a dozen.So wouldn't even think of dancing in the rain unless I'm secure inside my garden walls.Yet every time it rains I think my soul jumps out and dances in the rain, feeling the cool pureness of those magical drops heeling and soothing myself. Why else do I feel immensely happy just like a kid every time it rains ?