Friday, January 12, 2018

එව බලව

ඔව් ප්‍රිය ක්‍රීඩා ලෝලී අසන්නනි
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේ සිදු වූ සුවිශාලම මූල්‍ය වංචාව සිදු කළ
ප්‍රවීන ගායක හෙක්ටර් දසනායක මහතාගේ බිරිඳ අද දිනයේ රක්ශිත බන්ධනාගාර ගත කෙරුණා.

හෙක්ටර් මහතාගේ නිවසේ  සිට බන්ධනාගාරය දක්වා ගමන පියවරෙන් පියවර නරඹන්න පහළ ලින්ක් එකෙන් පිවිසෙන්න.
http://hiragedarataadiyenadiya.lk

"අපේ තාත්තා අපිට නැති කළ එක තමයි ඔය පල දුන්නෙ"
ගායක හෙක්ටර් මහතාගේ පළමු විවාහයේ ළදරුවන් තමන්ට සිදු වූ අසාධාරණය ගැන හැඬූ කඳුලින් කරනා හෙළිදරව්ව මෙන්න
සම්පූර්ණ වීඩියෝව මෙතනින්.
http://kiratahandanakiridaruwo.lk

සැ.යු. සංවේදී අය නැරඹීමට පෙර ළූණු ගෙඩියක් කපා පැමිණෙන්න.

හෙක්ටර් මහතාගේ බිරිඳ සොරාගත් රත්‍රන් පිටුපස සැඟවුනු කතාව.
රන් භාන්ඩ හිමි සවුදියෙන් ආ දිරිය දියනියගේ පැල්පතේ  සිට සජීවීව
http://livebalnnaonemakunugodaktv.lk

සිරගත වුණු බිරිඳ වෙනුවෙන් හෙක්ටර් මහතා ගැයූ මුල්ම(හා අවසාන ????) ගීතය.
"මගේ ළඳ ඔබ"
දැන්මම නරඹන්න.මෙතනින් පිවිසෙන්න
http://dukatakiyapukawi.lk

" ඕක තමයි අපි කිව්වේ"
ගායන ශිල්පී  ගරාජ් මහතා ගේ ආන්දෝලනාත්මක ගීතයෙන් කියවෙන්නේ හෙක්ටර් මහතාගේ ජීවිත කතාව ද?
අයින් කරන්න කලින් සිංදුව බලන්න මෙතනින් එන්න.
http://hektorwagedayakoviews.lk

"හෙක්ටර් මහතා ට මෙහෙම දෙයක් වෙන බව මම දැනං හිට්යා .නමුත් බයට කිව්වෙ නෑ"හෙක්ටර් මහතාගේ ජන්ම පත්‍රය ඇසුරෙන් ප්‍රවීන ජ්‍යෝතිර්වේදී බමණ දාස මහතාගේ කරටි කැඩෙන විග්‍රහය පහත ලිංකුවෙන්
http://handahanyiobayi.lk

"මේ සිද්ධිය මම කියෙව්වෙ පත්තරෙන්.මේ ගැන හොයලා බලන්න මම වහාම කමිටුවක් පත් කරලා බැංකුවල උකස් පොලී අනුපාතය ඉහළ දානවා."
ජනපති තුමා සිටගෙන ලබා දුන් කාලෝචිත විසඳුම.වැඩි විස්තර සඳහා පහත ලින්ක් එක බලන්න.
http://yahapalanatheenduby kingkakille

පේජ් එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා ෆෙන්ස්

3 comments:

  1. නියමයි...ඒත් ලින්ක් එකක්වත් වැඩ නෑනෙ අපොයි...:(

    ReplyDelete