Wednesday, May 15, 2013

Dreams

දඩි බිඩි දඩි බිඩි
ගෙදර ඉන්න කාලෙ 
හැමදාම උදේට අම්මා පිටි කොටන සද්දෙට කලවම් වෙලා තමයි මගේ හීන ඇස් අරින්නෙ.
ඒත් මේ වෙලාවෙ?
මම අඟල් දෙක තුනක් ඈත් වෙලා බලනවා
එතකොටයි මට තේරෙන්නෙ
පිටි කොටන්නෙ මගෙ පපුව ඇතුලෙ කියලා
"ඇයි ?"
එහෙම අහන්නෙ ඔයාගෙ ඇස්
" ඔයා හොඳින් ද? "
ඒ ඔයාගෙ හිත.
කියන්න දේවල් කොච්චරද කියනවනම් ඒව එක්කහු වෙලා වෙලා මගේ හිතේ දොර ජනෙල් ඔක්කොම හිර වෙලා.
"මුකුත් නෑ"
පිපිරෙන්න මාන බලන ගිනි කන්දක් උඩ පිපිච්ච මලක් වගේ මගේ හිතට උඩින් මගේ ඇස් හිනා වෙනවා.
පිපෙන්න වතුර වක්කරපු අත් ගිනි රස්නෙට කිට්ටු කරන්නෙ මොන එහෙකටද?
"මුකුත් නෑ"
මගේ ඇස් ඒ බොරුව ඇත්ත කරද්දි අඟල් දෙක තුනේ පරතරේ ආයෙමත් අඩු වෙනවා.
මම පිපිරෙන ගිනි කන්දට උඩින් පැලැස්තරයක් අලවලා ඔය පපුවෙ දඩි බිඩි සද්දෙත් එක්ක
එළි නොවෙන හීනෙක පාට ගානවා

1 comment:

  1. වචන ලස්සනයි, හැබැයි මට හරියටම තේරුනේ නෑ :)
    මාත් ආපහු බ්ලොග් එකක් හැදුවා, එත් ලියන්න හිතෙන්නේ නෑ ....

    ReplyDelete