Thursday, May 23, 2013

මනාලිය



වසා උවනත ළප කැළැල්
රෝස පැහැ ගන්වා දෙකොපුල්
මවා නිල් පැහැයට හීනි දිගැස්
පින්තාරු කර දුන් මනාලිය
නුඹ
ජය මඟුල් ගී හඬ මැද
පිපෙයි මඳහස් නෙතු අඟ
සායම් බිඳකුත් නැතත්
නුඹයි සිත්තම මා වසඟ කළ
සදහටම

1 comment:

  1. මනාලිය විවාහය , ආදරය කියන දේවල් පුළුන් පුරවපු බෝනික්කෝ වගේ.. ඇතුළතින් හිස්.....

    ( ඔයාගේ නිර්මාණය රස වින්දා ..දිගටම ලියන්න.. මම කිව්වේ මට හිතට ආව අදහස මිසක් නිර්මාණයේ දොසක් නෙවේ...)

    ( word verification , approval අයින් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්..)

    ReplyDelete