පුංචි කාලෙ කියවපු සුරංගනා කතා හැම එකකම වගේ සුදු ගෑනු චරිතේ එකම මොඩල් එක.
ලස්සන හුරුබුහුටි චූටි ගෑනු ළමයි.
හිම කුමාරි,ලස්සන වසිලිස්සා,නිදි කුමාරි,සින්ඩරෙල්ලා ඔය ඔක්කොම බයක් නැතිව මිස් වර්ල්ඩ් තරඟෙට යවන්න පුලුවන් දැරිවියෝ.අනික රූපෙන් විතරක් නෙමෙයි කතාබහ ,ගෙදර දොරේ වැඩ,දැනමුතුමක් අතිනුත් කතාවේ එන කලු චරිතවලට (බොහෝ වෙලාවට අජූත පෙනුමක් තියෙන)මේ අය එක්ක හැරෙන්නවත් අමාරුයි.

ඇයි එතකොට මේ අයගෙ අත ගන්න එන ඉලන්දාරි.ඒ වගේ පැහැපත් කඩවසම් කුමාරවරු ඉන්නේ තවත් සුරංගනා කතාවකම විතරයි ඉතින්.ගති ගුණ අතින් මේ ඉලන්දාරී අර ඉස්සෙල්ලා දැරිවියොන්ගේ කරට කර.ඉතින් ඒ ජෝඩුව කසාද බැන්දම ?මයෙ අප්පේ ලොකේ දැවෙන ප්‍රශ්නෙ හතරෙන් තුනක් විතරම එතනම අහවර වෙනවා.
එව්වා නම් ඉතින් හිච්චි කාලෙ කියවන සුරංගනා කතානේ.කතා කරන සතා සීපාවා, අයිස්ක්‍රීම් මාළිගා වගේ එව්වත් සීනීබෝල තමයි කියලා හිතා ගත්තැහැකි.හිච්චි කාලෙන් පස්සෙ ගැටවු ගැටිස්සියො කාලෙට ආවා කියමු කො.තාමත් ඉඳලා හිටලා සුරංගනා කතා කියවනවා තමයි එකෙක් දෙන්නෙක්.ඒත් වැඩි හරියක් කියවන්නෙ මල් පත්තර,පැණි බේරෙන ප්‍රේම කතන්දර.අනේ ඉතින් සුරංගනා කතාවේ හිටපු කුමාරයො කුමාරියොමලු මෙව්වයෙත් ඉන්නෙ.ටීවී බැලුවත් ටෙලි නාට්ටිත් ඔහොම්මමයි.හින්දි ද සිංහලද බොලිවුඩ් ද හොලිවුඩ් ද කොලිවුඩ් ද ජපන් කොරියන් ද ෆිල්ම් එකක් ගත්තත් ඔය සෙතේ මයි.සමහර වෙලාවට වීරයා පැටලෙන තරමට ලස්සන නලුවෝ නිලියෝ බුරුතු පිටින් දුශ්ට චරිතෙත් රඟපෑවාට, කතාවේ කුමාරි සාම්ප්‍රදායික කුමාරිගෙන් හරි කුමාරයා සම්ප්‍රදායික කුමාරයාගෙන වෙනස් වෙන්නට නම් කිසිම ඉඩක් නැත්තේ මයි.
ඉදින් මේ කපේට මූනත්තහඩුව සවුත්තු එකෙක්ට කුමාරයා කුමාරි චරිතේ අකැප ය.බතල ඇඟක් හරි පාන්කඩ ඇඟක් හරි තියේ නම් සහායක විකට චරිතයක් විතරක් රඟපාන්නට වාසනාව ඇත.වාහන එන්ජිමකට ලවු කරන කෙල්ලෙක්ට ,බියුටිකචල් ඉවුම් පිහුම් ඈ කාන්තා සබ්ජෙක්ට් වලට ඉන්ටරෙස්ටඩ් කොල්ලෙක්ට කුමාරිගේ හෝ කුමාරයාගේ චරිතය රඟපාන්නට තියා හිතන්නටත් තහනම් ය.ලස්සන කෙල්ලෙක් නිකන් ප්ලේන් කොල්ලෙක් එක්ක යාලු වෙන එක හෙනම ඇබ්නෝමල් ය.වෙන මොන නොගැලපිලි අල්ලලා.දැම්මත් රූපේ ගැලපිල්ල නම් කෙරෙන්ටම ඕනෑ ය.

මේ ඔක්කොම මගුල් හිතෙන්න ගත්තේ Rainbow Rowellගේ Elanor and Park පොත කියෙව්වාට පස්සේය. සුරංගනා කතාවක් වගේම රහ වුනාට සුරංගනා කතාවක් නම් නෙමේය. කුමාරි ටිපිකල් මොඩ්ලයෙන් පිට තඩි ඇඟක් තියෙන,රතු පාට බූසි කොන්ඩයක් තියෙන විකාර ඇඳුම් අඳින කාටත් විකාරයක් වුන කෙල්ලෙක් ය. කොල්ලා සංගීතය,විකට කතා පොත් වාගේ විපරීත ඇල්මන් තියෙන හීන්දෑරි ඉලන්දාරියෙකි.කතාව ඇතුලේ මට නම් හිතන්නට බොහෝ දේ ය.කියවලා ඉවර වුණාම සුරංගනා කතාවකට වඩා හිත පිරිලා ය.
එත් ඉතින් හැබෑ ලෝකේ උන් අදටත් හොය හොයා යන්නේ සුදු චූටි නංගිලාත්,හැන්ඩි සික්ස්පැක් අයියලාත් නම් එහෙම නොවෙනා හැටහුටහමාරක් එවුන්ට රඟපාන්න වෙන්නේ හැබෑටම කාගෙ චරිතෙ ද?
එත් ඉතින් හැබෑ ලෝකේ උන් අදටත් හොය හොයා යන්නේ සුදු චූටි නංගිලාත්,හැන්ඩි සික්ස්පැක් අයියලාත් නම් එහෙම නොවෙනා හැටහුටහමාරක් එවුන්ට රඟපාන්න වෙන්නේ හැබෑටම කාගෙ චරිතෙ ද?
No comments:
Post a Comment