ජනාධිපති තුමා වෙත,
දෙයියෝ බුදුවන්න උතුමෝ මේ ලියමන ලියන්නේ අගුණකොලපැළස්සේ හතරේ කනුවේ සෝමාවතී.මහත්තෙයා ට අපි මහ චන්දෙට කතිරෙ ගැහැව්වා.මෙහේ රැස්වීමට ආවම ළමා සාරියෙන් පිළි ගත්තෙ මයෙ කෙළී තමා.මයෙ හිතේ ඔය මහත්තැන්ට නම් අපි මතකෙ නැතුව ඇති.
කාරි නෑ.
මහත්තැන් රටේ පොරදානියා වෙච්චි අපි මේ පොඩි මිනිස්සු වෙච්චි.
මහත්තයෝ මහත්තයාට කියන්න අපේ ලොකු කෙලී ,දීග ගොහින් කෙල්ලෝම තුන් දෙනයි ඉතින් . මිනිහා අලියා ගහලා අන්තරා වුණාට පස්සෙ ළමයිත් එක්කම අපේ ගෙදරට වෙච්චි.පවුලම නඩත්තු කොරන්ට හරි හමන් රස්සාවක් නැති හින්දයි ,පැල් කොටේ උකසට තියලා පිට දීපංකරේක වැඩට ගියේ.අවුරුදු දෙකක් කඹුරලා පඩිත් නැතිව ගෙදර උන් තඩි බාලා කොන්දත් කැඩිලා යාන්තම පණ කෙන්ද බේරං ඇවිත් දැන් අවුරුද්දක් විතර.
කාරි නෑ.
අපේ එකී රට ගියේ ඒකිගෙ හිතු මතේ ට නෙවැ.
හිච්චි කෙලී ලොකු කෙලී ආදුරුසෙට නොගෙන පාඩම් වැඩ එහෙම හොඳට කෙරුවා නෙව.ගමේ ඉස්කෝලෙ න් මහ විභාගෙ පාස් වුනේ අපේ කෙල්ල විතරමයි. ඒත් ඉතින් ඒ ලකුණුවලට විස්ස විද්‍යාලෙට යන්න බැහැයිලු නෙව.
අවුරුද්දක් විතර එකේක රස්සාවලට ඉල්ලුම් පත්තර දාලා ඉන්ටැවීව්නුත් ගිහිල්ලා ඕන් දැන් ටවුමෙ ගාමන්ට් එකට යනවා.කසාදයක් කෙරෙන වයසත් දැන් පහුවේගෙනයි එන්නෙ.
කාරි නෑ.
අපේ එකී ඉගෙන ගත්තෙ ඒකිගෙ කැමැත්තට නෙව.
ආ.......චූටික්කි.ඒකිට තාම දහයයි.ඒකි හම්බුනේ මට හතලිහත් පැන්නට පස්සෙ නෙව.මාසෙ රුදාව නැති කොට මම හිතුවෙ වයසට නැවතිලා කියලා නෙවැ.කෙල්ල මොංගල් වෙලා තියෙන්නෙ මට වයස ගිහින් ඒකි හම්බුණ නිසා වෙන්න පුලුවන් කියලා ඉස්පිරිතාලෙ දොස්තර මහත්තුරු කතා වෙනවත් මම අහගෙන.කෙල්ල බඩට ආ එකට මිඩ්වයිෆ් මිසීලා එහෙමත් සෑහෙන නෝක්කාඩු කිව්වා ඒ කාලේ.උපත් පාලනේ කොරන්න අපේ මිනිහා කැමති නැති වෙච්චි ,කෙල්ල හම්බෙන්න හිටි කාලෙ මයෙ ඇඟටත් හරි හමන් කෑමක් බීමක් නැති වෙච්චි ඒ අහිංසකී ඉතින් මොලෙන් බාලයි.
කාරි නෑ.
ළමයි වැදුවෙ අපෙ මිනිහගෙ උවමනා එපා කං ඉටු කරන්ට ගිහින් නොවැ.
මේ ලියමන ලියන්න ගත්තෙ හවස පාන් බාගයක් ගේන්නෙ ගිය වෙලේ කඩ පොලේ වෙච්චි කතාවක් කනේ වැටිලා.
ඔය උතුමා තීරණේ කරලලු තැබෑරුම් රෑ දහය වෙන කම් ම ඇරලා තියන්ට.තව ගෑනු අපිටත් බොන්න පුලුවන් වෙන නීති ගේනවලු.අනේ හොඳා.
අපේ මිනිහා කුලී වැඩ කරලා හැමදාම ගෙදර එන්නෙ හතර ගාතෙන් තමා.ඇහුවාම කියන්නෙ ඇඟේ පතේ මහන්සි යන්ට ගිනි වතුර තරං දිවිය අවුසදයක් වෙන නැහැල්ලු.කුලී වැඩ නොකරාට ගෙදර දොරේ සුමේ කරලා ලොක්කිගෙයි ඒකිගෙ පොඩි එවුන්ගෙයි චූටික්කිගෙයි රාජකාරිත් කරලා අපේ මිනිහාට ආවතේවත් කොරලා ම මගේ හතර හන්දි ගෙවෙන්ට කෙඩෙත්තුයි රෑ වෙද්දී .මේ මිනිහා නෙවෙයි මට බෝතල් කාලක් වත් ගේන්නෙ.දැන් ඉතින් මටත් හංගාගෙන බොන්ට බෝතල් කාලක් ගත හැකි දෙයියනේ කියලා.එක්තැන් වෙච්චි ලොකු එකී ගැන ,අප්පොච්චි නැති පොඩි උන් ගැන,ගෙදරට නාකි වෙන හිච්චි කෙලී ගැන, බරක් පතළක් නොතේරෙන චූටික්කි ගැන හිත හිතා එලිය වැටෙනකනුත් නිදි නැතුව මම පැදුරේ නෙව. දැන් ඉතින් පදමට ගසලා අපේ මිනිහා වගේ ගොරොද්දේ ඇද ඇද නිදාගන්න බැරිය මටත්.
අපි වගේ ගෑනුන්ගේ දුක තේරුං අරන් මෙහෙව් සහන සලසන ඔබතුමාලා වගේ උත්තමයෝ තමයි මේ රටට වැඩි වැඩියෙන් ඕනැ වෙන්නෙ.අපිට ගල් අරක්කුත් ඔබ තුමාලාට රට බීමත් වැඩි වැඩියෙන් ලැබේවා කියා උඩ ඉන්න දෙවි දෙවිතාවුන් වහන්සේලාට කන්නලවු කරමින් මම නවතිමි.
නොදැන වැරදි යමක් ලියවිලා තියෙනවා නම් තරහ අවසර.මට අකුරු සෑස්තරේ බැරි හන්දා ලියමන ලීවේ ලොක්කිගේ ලොකු කෙලී තමා ය.
ඔබ තුමන්ලාට රත්නත්තරේ පිහිට ආරස්සාවයි.
මීට,
අඟුණකොළපැලැස්සේ සෝමාවතී

No comments:
Post a Comment