මල්ලි තඩියා ඉපදෙනකොට මංතුමී එකේ පන්තියට පාස් වුනා විතරලුය.මල්ලි ඉපදුන ඉස්පිරිතාලේ එළියේ මාලු ටැංකියක් තිබුනාලු ය.ඕකේ වරල් ගගහා ඉන්න ලස්සන මාලු බලබලා උන්නු මංතුමීව අප්පොච්චි එක්කහු කරගෙන ගියේ මවුතුමීගේ තුරුල්ලේ ඉඳං ලවක් දෙවක් නැතිව යටිගිරියෙන් බෑගිරි දෙන කොලු පැටියෙක් පෙන්නන්ට ය.කොලුවා දිහා බලා මූණ නොරොක් කරගත් මංතුමී අපි යං තාත්තේ මාලු බලන්න කිව්වාලු ය.
නෑ මේ ලියන්නේ මාලු ගැන මිස මලයා ගැන නෙවේ ය.
ඇච්චං කාලේ හිටං ම වීදුරු ටැංකිවල මාලුන්ට මංතුමී ඒ තරන් ඇල්මක් නෑලු ය.වීදුරු ටැංකිවල ඉන්නා මාලුන්ට හිත් ඇදගන්නා පාටවල් තියෙනා බව ඇත්ත ය.මවුතුමීගේ සාරිපටලවා ගෙන වාගේ උන් ආඩම්බරෙන් එහා මෙහා පීනද්දී පොඩි ගතියක් නැත්තේ නැති ය.
ඒත් ඊට වඩා මංතුමී මනාප උදේ ස්කූල් වෑන් එක එනතුරු අප්පොච්චා එක්ක පාර අද්දර බලා හිටිද්දී බෝක්කුව අස්සෙ හැංගෙන පොඩිත්තං ලෝකල් මාලුන්ටය.නිවාඩුවට අම්මාගේ මහගෙදර ගියාම නාන්නට යන වෙලේ ළිඳේ අත පොවන මානෙට ඇවිදින් ඔච්චම් කර අතුරුදහන් වෙන දුඹුරු පාට මාලුන්ට ය.
අප්පුච්චාට නොසෑහෙන මාලු පිස්සුවක් තිබුනේ ය.උන්දැලා පොඩි කාලේ මාලු ඇති කළ මතක බිඳුණ මාලු ටැංකි මතක හැටියට සෑහෙන කාලයක් මහගෙදර තියෙනා බව මතක ය.බාල කාලෙ ලෑන්ඩ්ෆෝන් ගේ පිටිපස කොන්ඩෝලවලේ වලේ මාළු අල්ලපු විස්තර අප්පොච්චා කියද්දී පවුකාරකම කියා මවුතුමීගෙන් බැනුම් වරුසාවක් වරදින්නේම නැත.
මාතර ගෙදර මාලු ඇති කිරිල්ල අපුච්චා සැලැසුම් කරන්නේ මහා පරිමාණයෙන් ය.ඉස්සරහ මිදුලේ පැත්තක සිමෙන්තියෙන් බැඳ ටයිල් කරන ලද මහා මාලු ටැංකි රාජයා බාත්ටබ් එහෙකටත් වඩා මහා පරිමාණ ය.ටැංකි රාජයා ගේ පැළකරන්නට ජලජ පැලෑටි වෙනමම හොයාගෙන ආවේ නිල්වලා ගඟේ මොකද්දෝ පොඩි දූපතකිනි.
කළු පාට ගොගල් අයිස් ලා, රතු පාට සුදු පාට ගෝල්ඩ් ෆිශ්ලා, තැඹිලි පාට ගෝල්ඩ් ෆිශ්ලා, ක්‍රීම් පාටට හුරු ඒන්ජල්ලා රොත්තක් මේ මාලු බෝඩිමේ ආරම්භක සාමාජිකසාමාජිකාවන් ය.
ඇත්තටම මේ මාලු ටැංකිය මාලුන්ට තරුපහේ හෝටලයක් හැටියට පෙනෙන්නට ඇතිය.
අලුත් ටැංකි රාජයා විවෘත කර මාළු රොත්ත ගෙට ගෙවැදීමේ මංගල්ලය සිදු කරන ලද දවසේ වැල් පුටුවක් ටැංකිය අද්දරින් තියාගෙන අප්පොච්චි මාලු නැරඹුවේ සෑහෙන සතුටින් ය.
ඒ සතුට තිබ්බේ දවස් දෙකතුනක් ය.නිල් කැටේට තිබුණ ටැංකියේ වතුර ටික වහගෙන කොළපාට පාසි තට්ටුවක් බැඳෙන්න ගන්නවාය.දවස ගානේ වතුර අයින් කළත් දවසක් යද්දී නැවතත් ඒ සෙතේමය.ඉතින් අප්පොච්චිගේ ටැංකි රාජයා දැන් බේරේ වැවේ අනු ශාඛාවක් වෙලා ය.
අලි මදිවට කොටි කියා මුන්දැගේ ගෝල්ඩ් ෆිශ් ලා ලන්ච් එකට ගන්නට කොක් හාමි කෙනෙක් සෙට් වෙන්නේ මේ දවස්වල ය.කොකාගේ වාරය ආවාට ගෝල්ඩ් ෆිශ්ලාට වාරයක් නොඑන්නේ වෙන සංගෙදිය අපි හොයාගනිද්දී අන්තිම ගෝල්ඩ් ෆිශ්වත් කොක්හාමි වළදන්නට ගෙනියන ගමන් වෙච්චි හින්දා ය.ඒ ගමන මාලු ටැංකි රාජයා උඩින් තඩි දැලක් ලෑන්ඩ් කරනවා ය.මාලු හාමිලා මදිවාට ඉස්ගෙඩීස් ලා දෙක දෙක බකබකස්ලාත් අනවසරයෙන්ම මාලු ටැංකියේ පදිංචි වෙනවා ය.කලාතුරකින් කොළ පාට වතුර අස්සෙන් එබෙන මාලුවෙක් දිහා බලනවාට වඩා මිදුල පුරා පැන පැන යන ගෙඹි ප්‍රජාව දිහා බලන එක ලෙහෙසි වෙනවා ය.
දහම්පාසල් යන්න මල් කඩන්නට මාලු ටැංකියේ දැල උඩට නැගගත් මංතුමී දැලේ පැත්තක් කඩාගෙන මාලු ටැංකියට වැටුනා මතක ය.මාලු ටැංකිය දිගේ බඩගා ඒ අද්දර වූ චෙරි ගහ සුද්ද කරන්නටම අපේ දිහෑ ඈ මංතුමීගේ මිතුරු කොලු නඩේනම් එකෙක්වත් ඒ විදිහට මාලු ටැංකියට වැටුනේ නැති ය.
අපේ උන්දෑගේ ගෙදරත් මින් මැදුරක් විත්තිය දැන්ගන්නේ හා හා පුරා කියා අපේ ගෙදර ඇත්තෝ එහේ ගිය දවසේ ය.මිදුලේ විශාල ටැංකිවලත් උඩහ මඩුවේ වීදුරු ටැංකිවලත් හැදුනේ වැඩුනේ උන්දැගේ අප්පොච්චිගේ විවේක කාලය අත්පත් කරගත් මාලු රොත්ත ය.දවසේ ඕනැම වෙලාවක සීයේ මාලු ඉන්නවාදැයි අහගෙන එන උන්දැගේ මාලුන්ට හිත ගිය ගමේ කොලු කුරුට්ටන් ය.
කරවනැල්ලේ නැවතීගෙන බට්ටිත් බලාගෙන ඉස්පිරිතාලෙත් දිව්ව මංතුමීට වැඩ මදි බවත් ඒ හින්දා මාලු ටැංකියකුත් නඩත්තු කළයුතු බවත් තීරණය කරනා මවුතුමී බෝලගෙඩියක හැඩේ ඇති මාලු ටැංකි පොඩිත්තක් මංතුමීට තෑගි දෙනවා ය.අඳුරන හිතවතෙක්ගේ මින් මැදුරෙන් මාලු රොත්තකුත් පොඩිති ගල්, ඔක්සිජන් ටැංකි, හයිඩ්‍රිල්ලා පැල, ඔය ඔක්කෝම පැහැරගෙන ඇවිදින් කරවනැල්ලේ මාලු ටැංකියක් ඇටවෙනවා ය.එවකට හිච්චං කෙල්ලෙක් උන බට්ටිට මාලු ගැන ඒ තරම් ඇල්මක් නැති ය.ඉඳහිට ඇවිදින් ෆිශ් ෆිශ් කියා ටැංකියට තට්ටුවක් දමා යනවා මිස මාලු අතට අරන් බලන්නට එහෙම අදහසක් දෙයියනේ කියා ඒ දවස්වල උන්දෑට තිබුනේ නැති ය.
ළමයි බැලිලි ,ලෙඩ්ඩු බැලිලි අස්සේ මාලු ටැංකි සුද්ධ කිරිලි, ටැංකියෙන් එළියට පනින මාලු ඇහිලිලි කරමින් මංතුමී දිවි ගෙවනවා ය.
බට්ටි බලාගන්න එන අප්පොච්චි එක්තරා දවසක උදව්වට ගොහින් මාලු ටික වැලිගම් යවනවාය. අමතක වී ටැප් වතුරෙන් සංග්‍රහ කළ නිසාවෙන් මිය ගිය මාළු රෑනේ අවසන් කටයුතුවලින් පස්සෙන් පහු ආයෙමත් කරවනැල්ලට මාලු පීනන්නේ නැති ය.
අම්මාගේ අඩිපාරේ යන බට්ටිගෙත් වැඩි මනාපය නිදහස් මාලුන්ට පාට ය.ඉතින් ටැංකිවල පීනන පාට පාට වරල්වලට වැඩිය උන්දෑට ඕනෑ ගෙවල් ළඟ ඇල පාරේ ඇබිත්තං මාලු අහුරුවලට ටටා බායි කියන්න ය.
කොහොමත් නිදහස් ජීවිත ආදරේ නිදහසටම නොවැ.
ඉගිලෙන ලියමන්
2019.07.12

No comments:
Post a Comment