Thursday, May 11, 2017

අලු පාට හිත් ඇත්තෝ

"මොනවා නැතත් කමක් නෑ මට සංතෝසෙන් ඉන්න තියනවානම්"
කී දෙනෙක් ඔහොම කියලා තියෙනවා ද?
සංතෝසෙ වගේම දුකත් සාපේක්ෂ යි මගෙ හිතේ .සමහරු සතුට ට බරයි සමහරු දුකට බරයි.ඒ තමන් ගෙ හිත වැඩ කරන හැටියට වෙන්නැ.
ලෝකෙ හැම දේම සුදුත් නැහැ.කලුත් නැහැ.අතරමැද තියෙන්නෙ අලු පාට. ගොඩක් අයගෙ හිතුත් ඒ වගේ සතුටටත් බර නැති දුකටත් බර නැති අලු පාට හිත් නම්.හිනා අඩුයි තමයි.ඒ ත් ඒකට හිලව්වට කඳුලු කුනාටු හමන්නෙත් කලාතුරකින්. කාට හරි හිතෙන්න පුලු වන් "හපොයි ,මෙලෝ රහක් නැති කම්මැලි ජීවිතයක් නෙ " කියලා
ඒත් එක තත්පරේක ඉකිගගහා අඬලා ඊලඟ ඇසිල්ලෙම පෙරළි පෙරළි හිනා වෙනවට වැඩිය අලු පාට හිත් ඇත්තන්ගෙ ජීවිත සැනසිල්ලයි මගෙ හිතේ.
එහෙම මනාප නැත්නම් ඉතින් එහෙව් ඇත්තන්ට සැප ,දුක එක්ක හිටියෑකි .
"දුක සැප නිති පෙරළේ .රිය සක ලෙස ලෝකේ"

No comments:

Post a Comment