හවස් ජාමේ අල්ලපු ගෙදර පැත්තෙන් ගෝරියක වගේ සද්දයක් ඇහෙන්න ගත්තා.
දෙන්නාදෙමාල්ලෝ ඇරුනම ඒ ගෙදර පොඩි ලමයි අට දෙනෙක්.තව මහ මනුස්සයගෙ අම්මයි තාත්තයිත් ගෙදර.දෙන්නම එක්තැන් වෙලා ඉන්නෙ.ලමයි ඔක්කොටම වයිරස් උන හැදිලා එක සැරේ.
මොකක් හරි කරදරයක් ද දන්නෙ නැති නිසා මමත් කිට්ටු වෙලා බැලුවා.
වැට පනින්න හදන කොටම ගේ ඇතුලෙ ඉඳන් පියාඹගෙන එලියට ඇවිත් මගෙ කකුල් දෙක ළඟ පතබෑවෙ නැතෑ තඩි ට්‍රන්ක පෙට්ටියක්.
හායි ගාලා ඒක ඇරිලා මහ මනුස්සයාගේ රෙදි ටික සී සී කඩ.මේ මක් වුනාද කියලා මම බීත වෙලා ඉඳිද්දි ඒ ගෙදර උන්දැ එලියට බැස්සෙ දුම්මල වරම අතට අරං
"මොකෝ නැන්දෙ මේ ,මං ආවෙ කරදරයක් වත් ද බලන්න."
"නෑ බං උඹ දන්නවනෙ මේ වයසක මිනිස්සු දෙන්නා එක තැන් වෙලා ඒ මදිවට අසනීපෙන්.ඒ අවුඅස්සෙ අපෙ එවුන් ඔක්කොටම සහලෝලා උණ.ඔක්කොටම එක පාර නෙවැ අසනීප වුනේ"
"ඔව් ඔව්.අපි ඊයෙ ගිහින් නෙ බෙහෙත් ගෙනාවෙ"
"මේ ගෙදර මෙච්චර හරියක් වෙලා තියෙද්දි මේ මහ මිනිහා කියනවා උන්දැට මහ ගෙදර ගිහින් ටිකක් විවේක අරං එන්ට ඕනැලු.පහු ගිය දවස් ටිකේ රාජකාරි වැඩි නිසා ඇඟට තෙහෙට්ටුයි ලු.හරියට නින්ද ගියෙත් නැහැලු.මෙහෙම කරදරයක් වෙච්චි වෙලේ කර ඇරලා යන මිනිස්සු මොටද බං පොල් පිත්තක් ගත්තම දහයක් කපාගත්තහැකි නෙ.මම කිව්වා විවේකෙන් එහෙටම වෙලා ඉන්න එකයි ආයෙ මෙහෙ එන්ට ඕනැන්නෑ කියලා."
"අනේ නැන්දෙ ඉතින් මාමා එහෙම කරාට කමක් නැහැනෙ."
"ඒ මොකද බං එහෙම කිව්වෙ?"
"නෑ.ඉතින් මෙච්චර මෙහෙ ගංවතුර ගලලා නාය ගිහින් තියෙද්දි ත් අපේ අගමැති තුමා ඔය විවේක ගන්ට කියලා පිටරට ගියේ.මොකෝ අපේ මිනිස්සු නැන්දා කරන්න වගේ ඒ උත්තමයාගේ පලු අරිනවය.නෑනෙ"
උසේන් බෝල්ට් පාස් කරගෙන මම අපේ වැට මායිම පැත්තට පසු බහිද්දී එහා ගෙදර මනුස්සයාගෙ සපත්තු ජෝඩුවෙන් එකක් විදුලි වේගෙන් මගේ පැත්තට පියාඹගෙන ආවා යාන්තම් මතකයි.
අවුලක් නෑ හෙට දිහාට මගේ ටිකට් කපයි.