Thursday, May 11, 2017

යට ගිය දවස -වෙසක් මතක

ඉස්සිස්සරෝම වෙසක් මතකෙ ඉන්නෙ තාත්තයි මායි.දුශ්කර පුහුණවට කළමැටියට ගිහින් මාත් එක්ක අම්මා ගත කරපු අති දුශ්කර කාලෙ.තාත්තා ගෙදර ආවෙ කලාතුරකින්.ගෙදර මිදුලෙ ලොකූ බෝගන්විලා පඳුරක තාත්තා වෙසක් බකට් එල්ලපු මතකෙ මට තියෙන්නෙ මොන්ටිසෝරි යන්නත් කලින්.ඒක මතකෙ තියෙන්නෙ වෙසක් බකට් හින්ද ද හාවා හඳ දකින්නහේ තාත්තා දැකපු හින්ද ද මන්දා

ඊළඟට මතක තුනේ විතර ඉඳිද්දි වෙසක් මූණු මතකයක්.අමුතු පුසුඹ ක් තියෙන කඩදහි පල්ප් එකෙන් හදලා තින්ත ගාපු වෙසක් මූනු ගෙදරට ටිකක් එහා කඩේ වැල් වැල් එල්ලලා තිබුනා මතකයි,එකක් රුපියල් පහක් විතර මගෙ මතකෙ හැටියට.තාමත් වෙසක් කාලෙට ඒ සුවඳ හිත හෙව්වට ප්ලාස්ටික් ,රබර් වෙස් මූනු වල කෝ එහෙම සුවඳක් ?

ඇයි වෙසක් කාඩ්.එකක් රුපියල ගානෙ වෙසක් කාඩ් අරන් යාලුවොන්ට බෙදපුවා.කාඩ් නොලැබුනු අයගෙ පොඩි පොඩි හිත් නොහොඳ කම් එහෙම.ටිකක් පස්සෙන් පහු එක එක මනාප කම් මතු වෙන කාලෙ,මනාප ඇත්තො වෙසක් කාඩ් එකක් දුන්නාම හිත හීනියට පිපී ගෙන ආපු හැටි.

වෙසක් කූඩු.ඒකත් හරිම සුන්දර මතකයක්.පොඩි කාලෙ අම්මලා කූඩු හදලා අලවලා එල්ලනවා බලන් හිටපු හැටි.පස්සෙ පස්සෙ තනියෙන් කූඩු හදන්න ගිහින් පාප්ප නහයෙයි කටෙයි නාගෙන දත හපාගෙන කාපු කටු.ගෙදර හිටි කාලෙ මල්ලි එක්ක තරඟෙට කූඩු හදාපු හැටි.
ෆැකල්ටි ගිහින් බැච් එකේ ඔක්කොම වගේ එක්කහු වෙලා ගලහ හන්දියේ හදපු කැරකෙන කූඩුව කොහොමටත් අමත වෙන්නෙ නැහැ.රෑ තිස්සෙ කැන්ටිමට වෙලා නිදි මරාගෙන කූඩු අලවපු හැටි,වෙසක් කූඩුව කොට උඩ ගිහින් වෙසක් දවසෙත් පිරිමි පරානෙත් එක්ක වෙසක් බලන්න යන්න බැරි වෙච්චි එකට බුම්මන් හිටි හැටි .ඉන්ටර්න් කාලෙ සර්ජිකල් වෝඩ් එකේ කූඩු අලවපු හැටි.ඒවත් සොඳුරු මතක
ඇයි දන්සැල්.දීමත් එහෙමයි.කෑමත් එහෙමයි.ඒ එක්කම වෙසක් බැලිල්ල .ගෙදර ඉඳිද්දි තාත්තා වෙසක් දවසට මෝටෝ බයික් එකෙන් රවුමක් ගෙනියනවා වෙසක් බලන්න.ඉස්සරෝම පවුලෙ අය ඔක්කොම.ටිකින් ටික ලොකු වෙනකොට අම්මා වෙසක් ට්‍රිප් එකෙන් අත ඇරුනා වගේම මල්ලියි මායි වෙන  වෙනම ගිහින් පස්සෙ මාත් වෙසක් බලන ලිස්ට් එකෙන් හැලුනා.කොහොමත් අපේ තාත්තා වැරදිලා වත් දන්සැලක් ළඟ නම් නවතින්නෙ නෑ.මම කෙල ගිලලා දන්සැල් පෝලිමේ කීයකගෙ බඩ ඌයියා උනාද මන්දා.
ෆැකල්ටි ඇවිත් වෙසක් එකට කෝපි දන්සැලක් දුන්නෙ බැච් එකේ වැඩක් විදියට .කෝපි කෝප්ප හෝදලා හෙම්බිය වැඩි වෙලා කතා කරගන්න බැරි වුන රූමිව බෙහෙත් ගන්නත්  ගෙනියන්න වුනා නෙ.හිතේ හැටියට වෙසක් බලන්න ගත්තෙ ෆැකල්ටි ගියාට පස්සෙ.පේරාදෙනියේ ඉඳන් නුවරට බස් එකේ ගිහින් නුවර වටේ වෙසක් බලලා හිතේ හැටියට දන්සැලුත් වැඳ පුදා ගෙන ආයෙත් පේරාදෙණියට එන්නෙ පයින්.මොකද වාහන පෝලිම හෙල්ලෙන්නෙවත් නෑ ඒ වෙලාවට .කාපුවාට හරියන්න ඇවිදින්නත් එපායැ.ඉන්ටර්න් කාලෙ සර්ජිකල් වෝඩ් එකේ ඔක්කොම එකතුවෙලා සවු දන්සැලක් දුන්නෙ ඉස්පිරිතාලෙ කුස්සියෙම හදලා.ඒකත් අමුතුම අත්දැකීමක් .

මේ බට්ටිගෙ දෙවනි වෙසක් එක.බට්ටිට වෙසක් පෙන්නන්න ලොකුම උනන්දුව තියෙන්නෙ සීයාට .වෙසක් කූඩු ,බකට්,බල්බ් වැල්,බෞද්ධ කොඩි ගෙදර හරියට කොළඹ වෙසක් කලාපෙ වගේ.අපිව ගෙනිච්චා වගේම සීයා මිනිපිරීවත් වෙසක් බලන්න ගෙනියනවලු අද.
හැමෝටම ප්‍රීතිමත් වෙසඟක ම වේවා!

සී ෆුඩ් සුප්

ගොඩක් අය හිතන් ඉන්නෙ මෙඩ්ඩො කියන්නෙ පොතේ ම ඇලවුණු සෙට් එක කියලා.එහෙම නෑ කියලා දන්නෝ දනිති.
බැච් එකක් ගත්තාම එකේක පිස්සු තද වෙච්චි වුන් සූ ගාලා.
ඉතින් අපේ එකෙක් හිටියා පොටෝ පිස්සුව තදටම වැඩි වුන.ආයෙ පොටෝ වල ලස්සන නම් කියලා වැඩක් නැහැ.ඉතින් පොටෝ ගහල නැවතුනේ නැති මේ හාදයාට පොටෝ එක්සිබිශන් එකක් තියන්න ඕන වුනා.තැන නුවර සිටි සෙන්ටර් එකේ.අපේ උනුත් ඉතින් එකෙක් අපායට යං කිව්වොත් කොට්ටපැදුරුත් අරන් බස් එකට නගින එවුන් නේ.ඉතින් ඔක්කොම එකතු වෙලා උදව් කරනවා වැඩේට.
ඔන්න ඉතින් හෙට තමයි ඕපනින් සෙරමනි එක.රෑ තිස්සෙ පොටෝ එල්ලලා ,සැරසිලි වලට මල් හොයන්න මල්ශාලාවල හොල්මන් කරලා අපේ සෙට් එකකට පොඩි බඩගින්නක් හැදුනා.

දැන් කොහොමද මන්දා ඒ කාලෙ නම් නුවර රෑ අටෙන් නවයෙන් පස්සෙ හෝටල් අංකල්ලා ඔක්කොම දොයිය බබා වෙනවද කොහෙද.ඉතින් කන්න තැනක් හොය හොය යනකොට සිදුහත් කුමාරයා ගෙ මාලිගා තුනෙන් එකක නමක් තියන හෝටලයක් අහු වෙච්චි.තැන බොහොම පොශ් පාටයි.පොශ් තැනකට ගියාම ඩිනර් එකත් පොශ් වෙන්නෙපෑ.ඉතින් අපේ ඈයෝ වැඩි හරියක් ඕඩර් කලේ සුප්.උනුත් බහුතරයක් චිකන් සුප් ඕඩර් කරද්දි එකෙක් තවත් වැඩ පෙන්නන්න ඕඩර් කරපි සී ෆුඩ් සුප් එකක්.

දැන් ඉතින් බඩේ බඩ පනුවෝ බොක්සිං ගහලා ඉවර වෙලා කිරි කොරහත් නටනකං අපේ ඈයෝ බලා ඉන්නවා.පොශ් තැන් වල එහෙම නෙ කෑම දෙන්නේ
ඔහොම ඉන්න කොට හින්නික්කිතර කෝප්ප දාගත්ත ට්‍රේකක් අරං එනවා වේටර් කොලුවෙක් උජාරුවට.බැලින්නම් සුප් ටික.සුප් ටික ගත්ත කොලූ ළඟින් යද්දී නහය කඩා ගෙන යන කරවල සුවඳකුත් ආපි

බැලින්නම් අපේ එකාගේ සී ෆුඩ් සුප් එකෙන් එන්නෙ.

සී ෆුඩ් සුප් ඩී කරවල කිව්වලු

පොශ් ඩිනර් එකත් අරං  බිලත් ගෙවලා හෙන ගානම උගත් පාඩම් පොතේ මුල් පිටුවේ හෝටලේ නම එම්බෝස් කරන්ලු  කස්ටිය ආපහු ගියෙ

Sunday, November 13, 2016

Land of grey

" I want to be happy "
I guess thats what lies behind most of our day today struggles.It would be nothing but utter bliss to have a life full of happiness all the time.
But while some people are always happy ,some always tend to be sad.And what I assume is a majority lingers in a state in between these two states.A grey area where there is neither happiness nor sadness.This could be probably perceived as a boring place by some who love the roller coster ride of life full of ups,bumps,hiccups and downs  .
Yet,what I feel us it must rather be a place of peace and tranquility.Sure,there wont be laughter;at the same time there will be no tears either.As long as you are in this limbo you would be  in a sweet cocoon ,your soul protected from the harsh world outside.But the problem is most of the time the it would be an uneven ground on which this world is lying,so that each moment you will find yourself tipping ,slipping towards either happiness or sadness; episodic burts loaded with so much emotions that will make you gasp for breath when you tumble back in to blissful neutrality.
I guess what would be ideal is to find away to stick your field firmly to the ground so that you would be stable in the land of neutrality .For sure there will be no heartbreaks but it wouwat the cost of happiness .
Or you can ofcourse go along with the tide and let life decide where you will end up;happy ,sad or  forever oscillating in between

Saturday, August 15, 2015

මටත් පිස්සුද මන්දා

දර්ශීය ප්‍රජාවක් ගත්තොත් ඒකෙ බහුතරයක් ඉන්නෙ මධ්‍යන්‍යය දෙපැත්තේ SD දෙකක අගය ඇතුලේ කියලා පොතෙන් ඉගෙන ගත්තේ ඉස්කෝලෙ ලොකු පන්තිවලදි නේ.
හැබැයි ඒ බර වචන නැති වුනාට ඒ තියරිය පොඩි පන්ති වල ඉඳලාම අපේ ඔලුවට හීන් සැරේ රින්ගවල තිබුන මගෙ හිතේ
.සමහර වෙලාවට පන්තියෙදි ටීචර් අහන ප්‍රශ්නෙකට අපිට එන්නෙ ටීචර්ට සහ අනිත් ලමයින්ට නොහිතෙන උත්තරයක්.සමහර වෙලාවට ටීචත් ඇතුලු බහුතරේගෙ උත්තරේ වගේම අපේ උත්තරෙත් හරි වෙන්න පුලුවන්.ප්‍රශ්නෙකට එක උත්තරේකට වඩා තියෙන්න බැහැ කියලා කවුරුත් කියල නැහැනේ. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ බහුතරය නැතිවෙච්ච වැරැද්ද නිසා අපේ උත්තරේ වැරදි වෙනවා.
එහෙමත් නැත්නම් මෙහෙම හිතමු අපි පැස්ටල් පෙට්ටියත් ඇරගෙන දිව හපාගෙන චිත්‍රයක් අඳිනවා.ඔන්න ඉතින් අම්මා හරි තාත්තා හරි නැන්දා,මාමා ,ආච්චි ,සීයා ඔය කෞරු හරි අවිත් බලනව.බලනකොට අපි දුඹුරු පාට පැස්ටෙල් පදාසයක් කොලේ උලල
"මොකද්ද පුතේ ඔය?"
"මම ගඟක් අඳිනව"
"ගඟ ඔය පාට නෙවෙයි නිල් පාටයි."එහෙම කියලා සමහරවිට වැඩි හොඳට නිල් පාට පැස්ටල් කෑල්ල හොයලත් දෙනව දුඹුරු පාට උඩින් ගාන්න.බහුතරයකට නිල් පාටට පේන හින්දා මටත් එහෙම වෙන්න ඕනෙ කියල බහුත්‍රය තීරනය කරල ඉවරයි.
ඔන්න මන් වගේ ඇට්ටර ඩයල් එකක් නම් අහින්සක මගේ බහුතරයට අයිති නැති උත්තරයටත් මනාපයක් ඉල්ලල ෆයිට් කරනවා.එතකොට කියන දේ නාහන ඇට්ටර ලමයෙක් කියල ලේබල් වදිනව. ගෙදරින් බැනුම් කෝටියයි.ඉතින් වෙනස් උත්තර තියෙන ගොඩක් පොඩි එවුන් ඒව හිතට එන එක බලෙන්ම හිර කරන් බහුතර උත්තරේ වමාරල හොන්ද ලමයි වෙනව.
හොන්ද ලමයි ලොකුඇත්තෝ වෙනව.තමුන්ට වෙනස් උත්තර තිබ්බ බව ගොඩදෙනෙක්ට අමතක වෙනවා.ඔය රවුම ආයෙ කැරකෙනවා.
ඉඳලා හිටලා ඇට්ටර මුරන්ඩුවෙක් ලොකු වෙලත් එහෙම්මම හිතනව.බහුතරයට අයිති නෙතත් වැරදි නැති තමන්ගේ විදිහට ජීවත් වෙනව.බහුතරයට අනුව උන් වෙනස්.එහෙමත් නැත්නම් උන්ට පිස්සු.
අනේ මන්දා, ගොඩක් වෙලවට මගේ ජීවිතෙත් බහුතරේට යටවෙලා.ඒත් ඉන්දල හිටල කවුරුහරි කියනව ඇහෙනවා
"ඉස්සර වගේමයි පිස්සුව අඩු වෙලා නෑ"
අම්මෝ! දැනෙන සනීපේ!

Friday, March 13, 2015

ආදරයක වටිනාකම

සාලේ පොකුරු ලාම්පුවේ කොන්ඩ කුරුලු ජෝඩුවක් කූඩුවක් හදාගෙන.මේ දවස්වල බිත්තර දාල රකිනවා.පොකුරු ලාම්පුව වැඩිය පාවිච්චි වෙන්නෙත් නැති නිසා මේ දවස්වල අවුලක් නෑ.හැබැයි පැටවු එලියට ආවම තමයි සෙල්ලම.ලොකු කුරුලු ජෝඩුව ගෙනත් දෙන කෑම කාලා ලොකු වෙන කුරුලු පැටවුන්ට යාන්තම් පියාඹගන්න පුලුවන් වෙන තරමට පිහාටු එකතු වුන ගමන් කූඩුවෙන් දොරට වැඩුම තමයි.බැරි මරගාතෙ තුන්හතර පාරක් බිමටත් වැටිලා පැටවු ටික පියාඹන්න පුරුදු වෙනවා.අම්මලා ගෙනත් දෙන දේ කාලා ලොකු මහත් වෙනවා. ඊට පස්සේ උන් උන්ට කූඩු හදාගෙන ආයෙමත් ඒ ජීවන ගමන වෙනම පටන් ගන්නවා.
මිනිස් සත්තුන්ගේ එහෙම නැහැනෙ.පොඩි එකෙක් මේ ලෝකේ එලිය දකින එක බිත්තරෙන් කුරුලු පැටියා එළියට එනවට වැඩිය කල් යන සහ සංකීර්න ක්‍රියාවලියක්. එහෙම එළියට එන පොඩි එකා ව අම්මා තාත්තා විතරක් නෙවේ නැන්දලා මාමලා, ආත්තම්මලා, සීයලා ඔක්කොම එකතු වෙලා බලා ගන්නව.කොන්ඩ කුරුල්ලන්ට වගේ නෙවේ පොඩි එවුන් ඉස්කෝලේ යවන්නත් එපාය. දහසකුත් එකක් වැඩ අස්සෙ පොඩි එවුන් අරන් ඉස්කෝලෙ දුවනවා, පන්ති දුවනවා,ලෙඩට දුකට ලඟට වෙලා සාත්තු සප්පායම් කරනවා,කන්න හොයල දෙනව,ඔන්න ඔය විදිහට මිනිස් අම්මලා තාත්තලා තුන් තිස් පැයම තමුන්ගේ ළමයි ගැන හිතේ ගින්දරෙන් ඉන්නවා. එහෙම තම්යි මිනිස් අම්මලා තාත්තලගේ ආදරේ.කොන්ඩකුරුල්ලෝ ලමයින්ට ආදරේ නැතුවා නෙවේ.ඒත් හදිස්සියකට, ලෙඩකට දුකකට, සතුටකට මේ හැම එකටම අම්මලා තාත්තල අපිත් එක්ක ඉන්න එක හැබෑටම කොච්චර වටිනවද?
හැබැයි ඕකෙ තව පැත්තකුත් තියෙනව. ඕනෑම දේක සීමාවක් තියෙන කොටයි වටින්නේ. සමහර අම්මලතාත්තලාගේ ආදරේ ලමයට හිරිහැරයක් වෙනව. වැඩිහිටියෙක් හැටියට තමන්ගේ ජීවිතේ ගැන තීරන ගන්න දෙපයින් නැගිටින්න ඕන කාලෙත් සමහර වැඩිහිටි "ළමයින්ට" තමන්ගේ දෙමාපියන්ට ඕනෙ විදිහට ජීවත් වෙන්න වෙනව.පෙලවහක් කරගත්තත් තවදුරටත් තමන්ගේ ළමයා ජීවිතාන්තය දක්වාම ලමයෙක් හැටියටම තියගන්න හදන සමහර දෙමව්පියෝ නිසා පවුල් ජීවිත දෙකඩ වෙන අවස්තා ඕන තරම්.තමන්ටවත් රටටවත් වැඩක් නැති හරි හැටියට කෙලින් තීරනයක් ගන්න බැරි වැඩිහිටි ළමයි සමාජෙට එකතු වෙන්නෙත් ඔන්න ඔය නිසා.
තවත් සමහර අම්මලා තාත්තල ඒකෙ අනිත් පැත්ත. ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් ලමයව ඔහේ සමාජෙට අතාරිනව උන්ට කැමති විදිහට හැදෙන්න.හරි වැරැද්දක් කියල දෙන්න ඒ අම්මලා තාත්තලට වෙලාවක් නැහැ. ඉතින් ලමයි හිතුමතේ ඔහේ හැරෙන හැරෙන පැත්තට හරවාගත්තු ජීවිතත් එක්ක වැඩිහිටියෝ වෙනවා.ඒ කොට්ටාශෙනුත් සමාජෙට වැඩක් වෙනවා අඩුයි.
බුදු හාමුදුරුවොත් අනුමත කලේ මධ්යම ප්‍රතිපදාවනේ.මෙතන්ටත් ඒක වලංගුයි මගේ හිතේ.ළමයින්ට ඉස්සර අපෙ අම්මලා තාත්තලගේ වගේ සුන්දර ළමා කාලයක් හදලා දෙන්න ඕනෙ,විභාගවලින් අල්ලපු ගෙදර ළමයව පරද්දන්න හැල්මේ දුවවන්නේ නැතුව.පොඩි එකාට හොඳ දේ නරක දේ තේරුම් ගන්න,සමාජයේ එක එක වෙස් මූනු අස්සෙන් එන කරදරවලින් බේරෙන්න දැනුමක් ලබාදීල ඒ වගේම ආරක්ෂාවත් දෙන්න ඕනේ. හැබැයි ඒ ළමයි සීනිබෝල චරිත නොකරන්නත් වග බලාගන්න ඕනෙ. පොඩි කාලෙම ලමයින්ට තීරන ගන්න ඉඩ දුන්නම වැරදුනත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනෙ. එහෙම කරලා, වැඩිහිටියෙක් විදිහට ලෝකෙට යන්න කාලෙ හරි ගියාම සතුටින් නිදහසේ, තමන්ට ඕනෙ විදිහට ඒ ජීවිතේ පටන් ගන්න නිදහස දෙන්න ඕනෙ.
එහෙම ආදරයක වටිනාකම කියල නිම කරන්න බැරි තරම්

අතීත කාමය

හා හා පුරාම ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් බැලුවේ මහාචර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ, එහෙමත් නැත්නම් වලේ. බලන්න ගියේ " හොරු සමඟ හෙලුවෙන්" කියන නාට්‍යය. බලන්න ගියාමයි දන්නේ ඒක "හොරු " සමඟ " හෙලුවෙන්" කියලා නාට්‍ය දෙකක්."හොරු" කතාවේ හැටියට හොරා වෙච්ච ජයලත් මනෝරත්න මහත්තයා නාට්‍යයේ වැඩි හරියක් ඉන්නේ ලොකු ඔරලෝසුවක් ඇතුලේ හැංගිලා.අනේ ඉතින් වලේ නාට්‍ය බැලිල්ලට කෝඩු අපි ඉඳගත්තු තැනට ඔරලෝසුව පෙනුනෙම නෑයි කියමුකො. අපායට ගියත් කලින් පල කිව්වලු.
එදා ඉඳන් ඉතින් වල සතියද , එහෙමත් නැත්නම් ෆැකල්ටියක ෆන්ශන් එකකට ආධාර පිණිසද, නිමිත්ත මොක වුනත්, විභාගේ හෙට උනත් අපි ඕන් වලේ.
මනමේ, සිංහබාහු,ජන කරලියේ චරන්දාස්, මැටි කරත්තය, සෙක්කුව එතකොට සුද්දෙක් ඔබ අමතයි, අන්දරේලා,බල්ලොත් එක්ක බෑ, තාරාවෝ ඉගිලෙති, නරි බුරති,බකමූනා වීදි බසී,සුදු රෙදි හොරු, මකරට, මකරාක්ශයා, කලම්බු කලම්බු ජනේලෙන් පනින්නද මේ වගේ එක එක විදිහේ නාට්‍ය රස විඳපු හැටි කොච්චර සුන්දරද?
නාට්‍ය පටන් ගන්නේ 7.30 ට වුනත් සුපුරුදු පරිදි උණ වැඩි වෙච්චවුන් 5හේ ඉඳන්ම වලේ, හොඳ තැනක් අල්ලගෙන හරි බරි ගැහිලා ඇති.කැශුවල් තැනක් උනාට මම දන්න තරමින් නාට්‍ය බලන්න ආපු උන් එතන හොඳ සංයමයකින් හැසිරුනා. ඇත්තටම රංගනය කියන්නේ මොකද්ද කියන එක මේ නාට්‍ය වලින් හොඳටම ඇඟට දැනුනා.
මට මතකයි චරන්දාස් බලන්න වලේ ඉඩ මදි වෙලා, ලඟ තිබුන ගස් උඩත් නැගපු ප්‍රේක්ෂකයෝ හිටියා.ජයලත් මනෝරත්න මහත්තය නාට්‍යයක් ඉවරවෙලා වලේ බිම සිප ගන්නවා දකින්න ලැබුනු එකත් හරි අපූරු මතකයක්.පරාක්‍රම නිරිඇල්ල මහත්තයාගේ ජන කරලියේ නාට්‍ය ඉවර වෙලා නලුනිලියන් තම තමන්ව අඳුන්වල දෙනව. එතකොට තමයි මෙච්චරවෙලා හොඳට සිංහල කතා කරපු සමහරු දමිල ජාතිකයො කියල තේරෙන්නෙ.අමාරුවෙන් දිව උලුක්කු කරගෙන කඩ්ඩ පොලිශ් කරගන්න අපිට පුලුවන්නම් මේ පුංචි රටේ සිංහල අයට දෙමල, දෙමල අයට සිංහල ඉගෙනගන්න බැරි ඇයි කියලා ඒ වෙලාවේ හිතුනා.
වේදිකා නාට්‍ය නලුනිලියෝ කරන කැප කිරීම් අනන්තයි අප්‍රමානයි. ඔවුන් තමන්ගේ පුද්ගලික ජීවිතවල ආවේගයන් සංවේගයන් ඔය ඔක්කොම හංගාගෙන බොහොම ලස්සනට තමන් රඟපාන් චරිතෙට සාධාරනයක් ඉටු කරාවි. රොඩ්නි වර්නකුල මහත්තයගේ අම්මාගේ මළගම් තියෙද්දිත් සුදු රෙදි හොරු දර්ශනයට පෙනී හිටින්න ආපු හැටි එක උදාහරනයක් විතරයි.
ගල් පඩි උඩ වාඩි වෙලා හීතල තණකොල කකුල් දෙකේ දවට ගෙන රුපියල් තිහකට නැත්නම් පනහකට ඒ වගේ ජීවිතේ විඳින්න වලේ මිසක් වෙන තැනක බැහැ කියලයි මට හිතෙන්නේ. ඒක හින්ඳද මන්දා කොලඹ ආවට පස්සෙ අතේ දුරින් කොච්චර රංගශාලා තිබුනත් නාට්‍යයක් බැලිල්ල මගේ අතින් මග ඇරෙන්නේ

Wednesday, November 26, 2014

The Lady vs the vagabond

At my hospital quarters, where four rooms are inhabited by me and three interns, there is a kind of a small common place in between the rooms. While at Peradeniya, we had a spacious common room equipped with a comfortable sofa and an ancient but still functioning television, the space here only is large enough to hold a dustbin and a mattress discarded by one of the interns. The dustbin itself was merely a cardboard box and thus was an easy prey for a lot of wondering cats who wanted a snack. So almost every morning we would open our doors to walk on tip toes over a mess of leftover food scattered all over the place. Being the volunteer caretaker of the place since I have more free time than the interns I decided to put an end to the mess by bringing in a huge plastic dustbin to replace its previous representative. The cleaning lady further added a cord tying the dustbin to a wall, so that it was pretty difficult for the cats to turn it upside down. Problem solved, I thought ,sighing with relief.

Well, most of the cats abandoned their efforts to spill the bin, except one, a pregnant female.
 May be like most of the pregnant ladies , she wanted an exception to the rule. Anyway, there she was meowing pathetically whenever we opened our doors, now that she could not spill the bin by herself. And all four of us being sympathetic creatures, me with the added guilt in my heart for being the cause for obstructing her source of food, started leaving out meals for her beside the dustbin. After all how can we turn a blind eye to a pregnant lady who is hungry (which she constantly was)?
Time passed on, and eventually she had  given birth somewhere, we had no idea to how many. Months have passed with her having no intention of letting her offspring meet her food sponsors. But there she would be every time we open our doors, singing her melodies, purring and tangling between our legs as we dash to and fro trying desperately not to fall down after tripping over her. It is obvious that it is time to send her away now and sometimes when you are in a real hurry she becomes a real nuisance, but still we keep on feeding her, pretending it is just for the day.  

Two nights back, I opened my door half asleep on my way to one of my frequent nocturnal visits to the bathroom, an extremely unwanted side effect of my pregnancy. Lo and behold, there in front of me was the ugliest looking tom cat I had ever seen, polishing off the remainder of our lady visitor’s dinner.
 He looked so big, ugly and wild that he almost frightened the hell out of me. I did not hesitate at all to throw a handful of water at him which sent him off, growling his displeasure at me. Since then, I have seen him several times, sneaking up our stairs whenever he thinks I am not here, to gobble down what we leave for “the lady who was pregnant ages ago”. Every time I see him I chase him way, even if our lady friend had finished her meals way before. I have never encountered our unwanted prowler chasing the lady friend away, or trying to harm her. He has also not dirtied the place in anyway even once. Yet even though I keep on feeding the tabby that is obviously using all her cat wiles to extract food from me, I tent to chase off the tom that does no harm to me, but feeds on whatever leftover the other has refused to eat. Really funny how my mind works.