සුදු හාමිනේ මතකද ඔහෙට
පුරපෝය හඳ එබෙද්දී බෝ මලුවට
ඔය මුහුණ ඩිගිත්තක් දකින්නට
පෙරුම් පෙරු මං ඉතින් හැම පෝයට
ලියා හොඳ සීරුවට මවා දහසක් හීන
සෙනේහේ උතුරන මගෙ මුල්ම ලියමන
නුඹෙ අතටම දෙන්න නොවී වෙන අණවිණ
හිච්චි මලයාට මම වැඳි වැඳුම නොවඳින
හතරවරිගේ උන්ගෙ ඇස් නොදැකම
වචන දෙක තුනකට නුඹේ ළඟ තනිවම
දෙවැට අද්දර වරු ගණන් කළ විපරම
ඒ දුකත් සතුටක් ය සිහිවෙද්දි අද මෙහෙම
ෆේස්බුක් චැට් වීඩියෝ කෝල් ලූ
වට්ස්සැප් තියෙද්දී ලියුම් බෝරින්මලූ
මුණුපුරා බඳින පෙම නම් හරිම වෙනස් ලූ
අනේ මගෙ හාමිනේ අපි නාකි වෙලාලූ
No comments:
Post a Comment