ඉස්කෝලෙ ගමන අහවර වෙනතෙක් ම අපේ අපුච්චාගේ නීති පංතියට අහුවී හිටි අහිංසක මං ගෙදරින් පිට නැවතුනු දවස් ගාන අතේ ඇඟිලි ගානට අඩු ය.
පේරාදෙණි සරසවි යන්නට සුදුසුකම් ලැබුණාට ගිය ගමන් හොස්ටල් ලැබෙන්නේ නැති බව අම්මා රොයිටට් පුවත් සේවාව හරහා සොයා ගනිද්දීම කලබල වුණු තාත්තා සුදුසු නවාතැන් පොලක් සොයාගන්නට වහාම පේරාදෙනිය බලා බස් ගත විය.
නොදන්නා රට රාජ්ජෙක යුද්ධෙට යන්නා සේ ගිය තාත්තා නැවත ගෙදර එන්නේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් ය.කෑම බීමත් එක්කම මසුරං බෝඩිමක් පේරාදෙනිය ටවුමෙන්ම ලැබිලාය.ගෙදර ඇත්තන් උන්දැලාගේ ළමයෙක් වාගේම මාව බලා ගන්නට පොරොන්දු වෙලාය.බෝනස් කියන්නේ ගෙදර අයට පිච්චර් හෝල් එකකුත් තියේය.
කිව්වත් වගේ බෝඩිම මසුරංය.බෝඩිමට නගින්නට මහ පාරේ හිට මහගිරිදඹේට තරමටම උසක් වේය.උස කොච්චරද කියනවානම් කාලෙකට වතුරද නැත.ඔක්කොටම වැඩියෙන් හිත රිදෙන්නට කාරනාව පිච්චර් හෝල් එක කොටු කොටු ෆිල්ම් විතරක් පෙන්නන එකක් වීමය.
බෝඩිමේදී මුලින්ම අඳුනාගත් සදාකාලික රූමියෙක් වූ අහිංසක රමෝනාවද කුමන්ත්‍රන කර බිඳවා ගෙන ඊළඟට සැපත් වෙන්නේ ඊරියගම අංගම්මන මැතිනියගේ බෝඩිං මන්දිරයටය.
බෝඩිං වර්ගීකරණයට අනුව මේ බෝඩිම තරු පහේ හෝටලයක් ය.පොලව ටයිල් ය.ඇටෑච් බාත් රූම් ය. උයාපිහාගන්නට කිචන් පොඩ්ඩක් ය. ගාන ද එලොව පොල් පේන තරම් ය. උදේට පාර පැන බෙන්තොට බේක් හවුසියෙන් ශෝටීට්ස් මල්ලක් ගෙන්නාගෙන තුන් වේලටම වග කියන පොත් ගුල්ලියන්ට ඒ කාමර පොඩ්ඩ මාරම කම්ෆටබල් ය.දුම් කෝච්චියක් වාගේ සිගරට් බොන ගෙදර මතක් වී අඬන පිටරට කෙල්ලෙක් අල්ලපු කාමරේ උන්නා මතකය.බෝඩිං ඇන්ටි ඇඳිරි වැටෙද්දී තඩි බලු තඩියෙක් ලෙහෙන එකය ඒ බෝඩිමේ අවුලකට තිබ්බේ.
පස්සේ කාලෙක ටික කාලයක් හිටියේ ෆැකල්ටිය අල්ලපු වත්තේ බෝඩිමකය.බෝඩිං ගෙදර අංකල්ට රස්සාවට ලැබුනු ක්වාටස් එකය ඒ කරුණාවන්ත ඇත්තන් අපිත් එක්ක ආදරෙන් බෙදා ගත්තේ. එහා කාමරේ ටත් අපිටත් තිබ්බේ එකම බාත් රූම් එකක් බවත් වහින දාට නොමිලේ පනු නැටුම් තිබ්බ බවත් මතක ය.දවල් වරුවේ අපි ඇවුදින් නා ගැනීමට ඉඩ ඇති නිසා ඇන්ටි කොහේ හරි යද්දී ටැංකියේ කරාමය වසා යන බවත් , නාන්න එන අපිත් ඇගේ කනින් රිංගා නාගෙන නැවත කරාමය වසා ගිය බවත් මතකය.
මදක් අනුමත වූ දාට වෙනදාට බිම් බස්සෙක් සේ හිටිනා අංකල් තෙමේ මනමේ කුමාරයා බවට පත් වී ඉදිරිපත් කල රසාංගද හූ තියාගෙන හැල්මේ දුවන කෝච්චි සද්ද ද පාඩම් වැඩවලට බැක්ග්‍රවුන්ඩ් මියුසික් ය. ඒ කෙසේ වෙතත් ඔය ඔක්කොටම වඩා ෆැකල්ටිය අල්ලපු වත්තේ තිබීමේ වටිනාකම නිසා ඔය ඔක්කොම මැද්දේ අපිත් ඔතන වැටිලාම හිටියෝය.
ෆැකල්ටි ළමයින්ට කාමර් දෙන එකත් වෙනමම කලාවක් ය.මගේ සමහර බැචියන් ගේ බෝඩිං ජීවිතය වැඩි හරියක් ගත වුනේ ඉහළ අහසේමය.මොකද ඒ බෝඩිං කාමරවල ඇඳකින් ඇඳකට මිසක බිමට බහින්නට ඉඩක් නැත.තවත් සමහර බෝඩිංවල නීතිරීති මැද පෙරදිගටත් වඩා දරුණු ය. තවත් තැන්වල බෝඩිං ඇන්ටිලාගේ රොයිටර් පුවත් සේවාවලින් ගැලවී ජීවත් වෙන එක තරම් අමාරු වැඩක් නැත.
අදටත් බෝඩිං කියද්දී ඇඟ ලාවට කිළි පොලා යනවාය. ඒ අතින් හොස්ටල් ජීවිතේ මසුරං ය.

No comments:
Post a Comment