එක්තරා සම්මන්ත්‍රනේකට ආපු දේශකයෙක් දේශනය මුලදි සභාවට මෙහෙම කරනවා.ඔහු සාක්කුවෙන් ටිකක් බරසාර නෝට්ටුවක් එලියට ගන්නවා.මම දන්න බරසාරම නෝට්ටුව රුපියල් පන්දාහ.ඒක නිසා අපි ඔය නෝට්ටුවත් රුපියල් පන්දාහක් කියමුකෝ.
ඉතින් මේ දේශකයා අහනවා තමන් මේ පන්දාහෙ නෝට්ටුව නිකන් දෙනවානම් කවුද ඒක ගන්න කැමති කියලා.
සභාවේ ඔක්කොම පාහේ අත උස්සලා කැමැත්ත ප්‍රකාශ කරනවා.
ඒ පාර මේ දේශකයා පොඩ්ඩක් ඉවසන්න කියලා සභාවට කියලා හැමෝටම පේන්න ඒ නෝට්ටුව හොඳටෝම පොඩි වෙන විදිහට ගුලි කරනවා.ලස්සනට තිබුණු අලුත් නෝට්ටුව දැන් රැලි ගැහිලා .තාමත් ඔබට ඒක ඕනෙද කියලා දේශකයා අහනවා.ඒත් සභාවේ ඔක්කොම අත උස්සනවා.පොඩ්ඩක් පොඩි වුණා කියලා පන්දාහෙ වටිනාකම අඩු වෙන්නෙ නැහැනේ
ඒ පාර දේශකයා මොකද කරන්නෙ අර නෝට්ටුව බිම දාලා පයින් පාගනවා.සපත්තුවෙ තිබුණු කුණු ඔක්කොම නෝට්ටුවෙ.දැන් කාටද මේක ඕනෙ?
කුනු ගෑවිලා තමයි.ඒත තවමත් ඒක පන්දාහෙ කොළයක්.ඉස්සෙල්ලා තරම් වේගෙන් නැතත් තවමත් හැමෝගෙම අත් ඉස්සෙනවා.
හොඳයි මම මේ නෝට්ටුව පුංචි පුංචි කෑලිවලට ඉරුවොත්? කෑලි වලට ඉරුවොත් ඒක කඩදහි ගොඩක් විතරයි නේ.ඒ පාර නම් එක අතක් වත් ඉස්සෙන්නෙ නෑ.
අපේ ජීවිතෙත් අර පන්දාහෙ නෝට්ටුව වගේ නැද්ද?ප්‍රෙස් එකෙන් එළියට එනකොට බොහොම ලස්සනට අලුත් පාටට තිබ්බට කාලයක් යද්දි හැම නෝට්ටුවක්ම වාගේ පොඩි වෙනවා,කිලුටු වෙනවා,පොඩි පොඩි පලුදු වෙනවා.ජීවිතෙත් ඒ වගේ තමයි.සිය දහස් වාරයක් වැටෙනවා,පෑගෙනවා,පොඩි වෙනවා,කිලිටුවෙනවා.
ඒත් පොඩි පොඩි කෑලි වලට ඉරා දැමෙන තුරුම නෝට්ටුවේ වටිනාකම අඩුවෙන්නෙ නෑ වගේම ජීවිතේ කෙළවර වෙනකන් ම ඔය මොන කරදර හිරිහැරවලටවත් ජීවිතේක වටිනාකම අඩු කරන්න බෑ.
පන්දාහෙ කොලේ ට වඩා සිය දහස් ගුණයක් ඔයාගෙ ජීව්තේ ලෝකෙට වටිනවා.
පොඩි වුණාට කුණු ගෑවුනාට කමක් නෑ.නෝට්ටුව ඉරන්න තියා හිතන්නවත් එපා.
පලි:නෝට්ටුවෙ කතාව අන්තර්ජාලෙ දැක්ක අදහසක අනුවර්තනයක්
No comments:
Post a Comment