සාලේ පොකුරු ලාම්පුවේ කොන්ඩ කුරුලු ජෝඩුවක් කූඩුවක් හදාගෙන.මේ දවස්වල බිත්තර දාල රකිනවා.පොකුරු ලාම්පුව වැඩිය පාවිච්චි වෙන්නෙත් නැති නිසා මේ දවස්වල අවුලක් නෑ.හැබැයි පැටවු එලියට ආවම තමයි සෙල්ලම.ලොකු කුරුලු ජෝඩුව ගෙනත් දෙන කෑම කාලා ලොකු වෙන කුරුලු පැටවුන්ට යාන්තම් පියාඹගන්න පුලුවන් වෙන තරමට පිහාටු එකතු වුන ගමන් කූඩුවෙන් දොරට වැඩුම තමයි.බැරි මරගාතෙ තුන්හතර පාරක් බිමටත් වැටිලා පැටවු ටික පියාඹන්න පුරුදු වෙනවා.අම්මලා ගෙනත් දෙන දේ කාලා ලොකු මහත් වෙනවා. ඊට පස්සේ උන් උන්ට කූඩු හදාගෙන ආයෙමත් ඒ ජීවන ගමන වෙනම පටන් ගන්නවා.
මිනිස් සත්තුන්ගේ එහෙම නැහැනෙ.පොඩි එකෙක් මේ ලෝකේ එලිය දකින එක බිත්තරෙන් කුරුලු පැටියා එළියට එනවට වැඩිය කල් යන සහ සංකීර්න ක්‍රියාවලියක්. එහෙම එළියට එන පොඩි එකා ව අම්මා තාත්තා විතරක් නෙවේ නැන්දලා මාමලා, ආත්තම්මලා, සීයලා ඔක්කොම එකතු වෙලා බලා ගන්නව.කොන්ඩ කුරුල්ලන්ට වගේ නෙවේ පොඩි එවුන් ඉස්කෝලේ යවන්නත් එපාය. දහසකුත් එකක් වැඩ අස්සෙ පොඩි එවුන් අරන් ඉස්කෝලෙ දුවනවා, පන්ති දුවනවා,ලෙඩට දුකට ලඟට වෙලා සාත්තු සප්පායම් කරනවා,කන්න හොයල දෙනව,ඔන්න ඔය විදිහට මිනිස් අම්මලා තාත්තලා තුන් තිස් පැයම තමුන්ගේ ළමයි ගැන හිතේ ගින්දරෙන් ඉන්නවා. එහෙම තම්යි මිනිස් අම්මලා තාත්තලගේ ආදරේ.කොන්ඩකුරුල්ලෝ ලමයින්ට ආදරේ නැතුවා නෙවේ.ඒත් හදිස්සියකට, ලෙඩකට දුකකට, සතුටකට මේ හැම එකටම අම්මලා තාත්තල අපිත් එක්ක ඉන්න එක හැබෑටම කොච්චර වටිනවද?
හැබැයි ඕකෙ තව පැත්තකුත් තියෙනව. ඕනෑම දේක සීමාවක් තියෙන කොටයි වටින්නේ. සමහර අම්මලතාත්තලාගේ ආදරේ ලමයට හිරිහැරයක් වෙනව. වැඩිහිටියෙක් හැටියට තමන්ගේ ජීවිතේ ගැන තීරන ගන්න දෙපයින් නැගිටින්න ඕන කාලෙත් සමහර වැඩිහිටි "ළමයින්ට" තමන්ගේ දෙමාපියන්ට ඕනෙ විදිහට ජීවත් වෙන්න වෙනව.පෙලවහක් කරගත්තත් තවදුරටත් තමන්ගේ ළමයා ජීවිතාන්තය දක්වාම ලමයෙක් හැටියටම තියගන්න හදන සමහර දෙමව්පියෝ නිසා පවුල් ජීවිත දෙකඩ වෙන අවස්තා ඕන තරම්.තමන්ටවත් රටටවත් වැඩක් නැති හරි හැටියට කෙලින් තීරනයක් ගන්න බැරි වැඩිහිටි ළමයි සමාජෙට එකතු වෙන්නෙත් ඔන්න ඔය නිසා.
තවත් සමහර අම්මලා තාත්තල ඒකෙ අනිත් පැත්ත. ඇටෙන් පොත්තෙන් එලියට ආපු ගමන් ලමයව ඔහේ සමාජෙට අතාරිනව උන්ට කැමති විදිහට හැදෙන්න.හරි වැරැද්දක් කියල දෙන්න ඒ අම්මලා තාත්තලට වෙලාවක් නැහැ. ඉතින් ලමයි හිතුමතේ ඔහේ හැරෙන හැරෙන පැත්තට හරවාගත්තු ජීවිතත් එක්ක වැඩිහිටියෝ වෙනවා.ඒ කොට්ටාශෙනුත් සමාජෙට වැඩක් වෙනවා අඩුයි.
බුදු හාමුදුරුවොත් අනුමත කලේ මධ්‍යම ප්රතිපදාවනේ.මෙතන්ටත් ඒක වලංගුයි මගේ හිතේ.ළමයින්ට ඉස්සර අපෙ අම්මලා තාත්තලගේ වගේ සුන්දර ළමා කාලයක් හදලා දෙන්න ඕනෙ,විභාගවලින් අල්ලපු ගෙදර ළමයව පරද්දන්න හැල්මේ දුවවන්නේ නැතුව.පොඩි එකාට හොඳ දේ නරක දේ තේරුම් ගන්න,සමාජයේ එක එක වෙස් මූනු අස්සෙන් එන කරදරවලින් බේරෙන්න දැනුමක් ලබාදීල ඒ වගේම ආරක්ෂාවත් දෙන්න ඕනේ. හැබැයි ඒ ළමයි සීනිබෝල චරිත නොකරන්නත් වග බලාගන්න ඕනෙ. පොඩි කාලෙම ලමයින්ට තීරන ගන්න ඉඩ දුන්නම වැරදුනත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනෙ. එහෙම කරලා, වැඩිහිටියෙක් විදිහට ලෝකෙට යන්න කාලෙ හරි ගියාම සතුටින් නිදහසේ, තමන්ට ඕනෙ විදිහට ඒ ජීවිතේ පටන් ගන්න නිදහස දෙන්න ඕනෙ.

එහෙම ආදරයක වටිනාකම කියල නිම කරන්න බැරි තරම්